Press ESC to close

අළුත්ම Acer Predator Triton සහ Swift Edge laptops

Acer සමාගම ඔවුන්ගේ නවතම නිශ්පාදන වන Predator Triton 16 සහ Swift Edge 16 යන ලැප්ටොප් මාදිලි දෙක පිලිබදව නිවේදන නිකුත් කලා. මේ අතරින් නවතම Predator Triton 16 ලැප්ටොප් පරිගණකය ඉතාමත් powerful සහ එදිනෙදා වැඩ සදහා ඕනෑම තැනක පහසුවෙන් ගෙන යා හැකි ultra-portable පරිගණකයක්.

මෙම Triton 16 බලගැන්වෙන්නෙ NVIDIA GeForce RTX 4070 GPU එකකින්. ඒවගේම මෙහි 13th Gen Intel Core i9 processor එකක්, 32GB දක්වා Upgrade කල හැකි DDR5 RAM එකක් සහ 2TB storage එකක් අඩංගු වෙනව. මෙම laptop එක Gaming, Content Creation වැඩ ඇතුලු සියලුම කාර්යයන් සදහා ගැලපෙන ලෙස නිමවා තිබෙනව.

Get Your Site Up with A2 Hosting

Triton 16 Laptop එකේ අගල් 16ක WQXGA 2560 x 1600 ඩිස්ප්ලේ එකක් ඇති අතර 240Hz refresh rate එකකින් යුක්ත වෙනව. ඒවගේම එහි 500 nits peak brightness අගයක් පවතිනව. තවද මෙය NVIDIA G-Sync සදහාත් සහය දක්වනවෙ වගේම Thickness එක අගල් 0.78ක් නිසා පහසුවෙන් රැගෙන යාමේ හැකියාව තියෙනව.

Acer සමාගම නිවේදනය කල අනෙක් පරිගණකය වන Swift Edge 16, creative වැඩ සහ web browsing වැනි දේවල් කරන පරිශීලකයන් සදහා නිර්මානය කර තිබෙනව. මෙය බලගැන්වෙන්නෙ නවතම AMD Ryzen 7040 series processor එකකින්. ඒවගේම මෙහි AMD Radeon 780M graphics අඩංගු වෙනව. අගල් 16කින් යුක්ත වන Display එක 3.2K OLED වන අතර එහි 120Hz refresh rate එකක් තිබෙනව.

මෙම පරිගණකයට නවතම Windows 11 ස්තාපනය කර ඇති අතර 32GB LPDDR5 RAM එකක් සහ 2TB SSD storage එකක් අඩංගු කර තිබෙනව. මෙය ජූලි මාසයෙදි නිකුත් වෙන අතර මෙහි මිළ වනු ඇත්තෙ $1,300කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *