Home Tech News Computers අළුත්ම Acer Predator Triton සහ Swift Edge laptops
ComputersHardwareTech News

අළුත්ම Acer Predator Triton සහ Swift Edge laptops

Share
blank
Share

Acer සමාගම ඔවුන්ගේ නවතම නිශ්පාදන වන Predator Triton 16 සහ Swift Edge 16 යන ලැප්ටොප් මාදිලි දෙක පිලිබදව නිවේදන නිකුත් කලා. මේ අතරින් නවතම Predator Triton 16 ලැප්ටොප් පරිගණකය ඉතාමත් powerful සහ එදිනෙදා වැඩ සදහා ඕනෑම තැනක පහසුවෙන් ගෙන යා හැකි ultra-portable පරිගණකයක්.

මෙම Triton 16 බලගැන්වෙන්නෙ NVIDIA GeForce RTX 4070 GPU එකකින්. ඒවගේම මෙහි 13th Gen Intel Core i9 processor එකක්, 32GB දක්වා Upgrade කල හැකි DDR5 RAM එකක් සහ 2TB storage එකක් අඩංගු වෙනව. මෙම laptop එක Gaming, Content Creation වැඩ ඇතුලු සියලුම කාර්යයන් සදහා ගැලපෙන ලෙස නිමවා තිබෙනව.

Triton 16 Laptop එකේ අගල් 16ක WQXGA 2560 x 1600 ඩිස්ප්ලේ එකක් ඇති අතර 240Hz refresh rate එකකින් යුක්ත වෙනව. ඒවගේම එහි 500 nits peak brightness අගයක් පවතිනව. තවද මෙය NVIDIA G-Sync සදහාත් සහය දක්වනවෙ වගේම Thickness එක අගල් 0.78ක් නිසා පහසුවෙන් රැගෙන යාමේ හැකියාව තියෙනව.

Acer සමාගම නිවේදනය කල අනෙක් පරිගණකය වන Swift Edge 16, creative වැඩ සහ web browsing වැනි දේවල් කරන පරිශීලකයන් සදහා නිර්මානය කර තිබෙනව. මෙය බලගැන්වෙන්නෙ නවතම AMD Ryzen 7040 series processor එකකින්. ඒවගේම මෙහි AMD Radeon 780M graphics අඩංගු වෙනව. අගල් 16කින් යුක්ත වන Display එක 3.2K OLED වන අතර එහි 120Hz refresh rate එකක් තිබෙනව.

මෙම පරිගණකයට නවතම Windows 11 ස්තාපනය කර ඇති අතර 32GB LPDDR5 RAM එකක් සහ 2TB SSD storage එකක් අඩංගු කර තිබෙනව. මෙය ජූලි මාසයෙදි නිකුත් වෙන අතර මෙහි මිළ වනු ඇත්තෙ $1,300කි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...