Home Tech News අලුත්ම Oryon CPU එකක් සමග පැමිනෙන Snapdragon 8 Gen 4
Tech News

අලුත්ම Oryon CPU එකක් සමග පැමිනෙන Snapdragon 8 Gen 4

Share
blank
Share

අලුත්ම Snapdragon 8 Gen 4 චිප් නිකුත් වෙන්න තව කෙටි කාලයක් පමනයි තිබෙන්නෙ. ඉතින් අලුත්ම වාර්තා වලට අනුව මෙම 8 Gen චිප් එක සමග අලුත්ම Oryon CPU cores පැමිනෙන බව දැනගන්න ලැබෙනවා.

මෙම Oryon CPU core යනු Qualcomm සමාගමේ සිටින Nuvia නම් කන්ඩායම විසින් සංවර්ධනය කරන තාක්ශනයක්. මෙය දැනට Snapdragon X series එකෙ බාවිතා වෙනවා. එනම් Windows පරිගණක වල තිබෙන Snapdragon X Elite සහ Snapdragon X Plus ප්‍රොසෙසර් වල මෙය දැනටමත් බාවිතා වෙනවා.

මේ අලුත් Oryon CPU cores ඉතාමත් බලසම්පන්න නමුත් වැඩි විදුලියක් Apple chipset වලට සාපේක්ශව ලබාගන්නා බව දැනගන්න ලැබෙනවා.

තවත් නිකුත්ව ඇති වාර්තාවකට අනුව දැක්වෙන්නෙ මේ අලුත් චිප්සෙට් එකෙ බාවිතා වෙන්නෙ 3nm processor architecture එක බවයි. වාර්තා වෙන Geekbench testing වලට අනුව අලුත්ම චිප්සෙට් එකෙ clock speed එක 4.09GHZ වෙනවා.

තවද මේ Snapdragon 8 Gen 4 variant දෙකකින් නිකුත් වෙනවා. ඒ SM8750 සහ SM8750P ලෙසයි. ඒ අතරින් එකක් වැඩිදියුනු කල සහ විශේෂයෙන්ම එක් දුරකතන මාදිලියක් සදහාම නිපදවා තිබෙන අතර ඒ ඉදිරියෙදි නිකුත් වෙන Samsung Galaxy S25 series එක සදහායි.

මේ චිප්සෙට් එක සමග පැමිනෙන GPU එක වන්නෙ Adreno 830. එය මෙතෙක් නිකුත් වුනු mobile chipset අතරින් හොදම graphic performance ලබාදෙන GPU බව වාර්තා වෙනවා. ඒවගේම AI විශේෂාංග සදහාත් මේ chipset එක වැඩිදියුනු කර තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...