Home Tech News Crypto Mining තහනම් කරන රැසියාව
Tech News

Crypto Mining තහනම් කරන රැසියාව

Share
crypto-russia
Share

Crypto mining කියන්නෙ මේ වෙනකොට සමහර රටවල් වලින් නිත්‍යානුකූලව ඉඩ ලබාදෙන රැකියාවක්. ඒ වගේ ඉඩ ලබාදෙන එක් රටක් තමයි රැසියාව කියන්නෙ. නමුත් අලුත්ම වාර්තා වලට අනුව රැසියාවෙන් දැන් එරට කලාප 10ක crypto mining කිරීම තහනම් කරල තියනවා.

මේ විදියට crypto mining කිරීම තහනම් කරන්න ප්‍රධාන හේතුව වෙල තියෙන්නෙ අධික බලශක්‍ති භාවිතයයි. මේ විදියට තහනම් කිරීම සිදුකරල තියෙන්නෙ වසර හයක කාලයකටයි. ජනවාරි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන මේ නීතිය 2031 වසරේ මාර්තු 31 වෙනිදා දක්වා බලපැවැත්වෙනවා.

මේ සම්බන්ධයෙන් අනික් කලාප වලත් පරීක්ශන සිදුකර බලශක්ති වැයවීම අඩුවෙන් සිදුවන කලාප වල crypto mining තහනම ඉවත් කරන්නත් බලශක්ති වැඩියෙන් වැයවෙන කලාප වල crypto mining නව තහනමක් පනවන්නත් එරට රජය තීරනය කර තිබෙනවා.

Crypto mining මුලින්ම රැසියාව තුල නීත්‍යානුකූල කලේ මේ වසරෙ නොවැම්බර් 1 වෙනිදා සිටයි. ඒවගේම mining කරන පිරිස් ඩිජිටල් සංවර්ධන අමාත්‍යාංශයෙන් ලියාපදිංචි වීමත් සිදුකල යුතු වෙනවා.

මේ විදියෙ අධික බලශක්ති වැයවීම නිසා crypto mining තහනම් කල පලවෙනි රට රැසියාව පමනක් නෙවෙයි. මීට අමතරව Kosovo, Angola, Iceland සහ Norway යන රාජ්‍යයන් මේ වනවිට Crypto mining තහනම් කර තිබෙන රටවල්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...