Home Tech News software Spotify විසින් lyrics පහසුකම හඳුන්වාදේ.
softwareTech News

Spotify විසින් lyrics පහසුකම හඳුන්වාදේ.

Share
blank
Share

මීට දින කිහිපයකට කලින් Spotify විසින් හුඟ දෙනෙක් ඉල්ලල තිබුන Lyrics පහසුකම නිල වශයෙන් ලෝකය පුරා නිකුත් කරල තිබුනා. මේ පහසුකම කලින් විවිධ අදියරවල් වලින් ලෝකයේ විවිධ රටවල පර්‍යේෂණාත්මකව ක්‍රියාත්මක කරත් ඒව සාර්ථක මට්ටමකට ලඟා වුන බවක් පේන්න තිබුනෙ නෑ. නමුත් මේ සැරේ ඒ උත්සහය සාර්ථක වෙලා තියනවා.

Spotify විසින් ගීත වල lyrics ලබාගන්නෙ Musixmatch කියන සේවාවෙන්. ඔවුන් ප්‍රකාශ කරන්නෙ මේ සේවාව සතුව මිලියන 8 කටත් වඩා ගීත ප්‍රමාණයක lyrics සමන්විත වෙනව කියලයි. මේ අලුත් පහසුකම Spotify app එකක් තියන ඕනම platform එකකින් ලබා ගන්න පුලුවන්, ඒ list එකට iOS දුරකථන, Android දුරකථන, desktop පරිගණක, gaming consoles, සහ smart TVs වගේ විශාල devices ප්‍රමාණයක් ඇතුලත්. තවත් විශේෂ දෙයක් තමයි මේ lyrics පහසුකම free සහ premium subscriptions යන plan දෙකටම ලබා දෙන්න Spotify සමාගම තීරණය කරල තියනවා.

මේ lyrics ලබාගන්න Musixmatch කියන සේවාව විශේෂයි. ඒකෙ lyrics වලට community එකෙන් තමා contribute කරන්නේ. සිංදු හදන කෙනෙක්ට උනත් මේ සේවාවෙ register වෙලා තමන්ගෙ ගීතයේ lyrics ඇතුලත් කරන්න පුලුවන්. එහෙම නැතිනම් ඔයාට උනත් මේ Musixmatch වෙබ් අඩවියේ account එකක් හදාගෙන Spotify එකේ lyrics නැති ගීතයකට lyrics submit කරන්න හෝ වැරදියට තියන lyrics නිවැරදි කරන්න හැකියාව තියනවා. දැනටමත් හුඟක් සිංහල සිංදු වල lyrics මේකට ඇතුලත් වෙලා තියනවා, එහෙම උනත් සමහර lyrics නැති සිංහල සිංදු වලට එහෙම contribute කරන්න පුලුවන් නම් ඒක Spotify වලින් ගීත අහන අයට ලොකු උදව්වක්.

Spotify mobile app එකේ “Now Playing View” එකේදි ගීතයක් play වෙන අතරතුර swipe up කිරීමෙන් ඒ ගීතයේ lyrics බලාගන්න පුලුවන්. Desktop app එකේදි “Now Playing” bar එකේ අලුතෙන් තියන microphone icon එක click කරල lyrics බලන්න පුලුවන්.

ඉහතින් සඳහන් කරා වගේ Spotify ආයතනය කලින් lyrics පහසුකම නිකුත් කරන්න සූදානම් වුනත් ඒක එතරම් සාර්ථක වුනේ නෑ. Musixmatch සේවාවත් එක්කම කලින් එකතු වෙලා මේ දේ කරන්න ලෑස්ති උනත් ඒ සේවාවන් දෙක 2016 දි වෙන් වීමත් එක්කම ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න වුනේ නෑ. ඊට පස්සෙ “Genius” කියන සේවාවත් එක්ක එකතු වෙලා lyrics වලට අමතරව play වෙන ගීතයේ රසවත් තොරතුරුත් ලබාදෙන “Behind the Lyrics” කියල පහසුකමක් හඳුන්වාදුන්නා. නමුත් ඒක සම්පූර්ණ lyrics අත්දැකීමට බාධාවක් වුනා වගේම ආසියාව වගේ market වලට ටික කාලයකට හඳුන්වාදුන්නත් ලෝකය පුරා නිකුත් කිරීමක් සිදු උනේ නෑ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...