Home Tech News Explained චීනයේ ලෝක ව්‍යාප්ත Beidou – Sattelite Navigateion Network එක
ExplainedInternetTech News

චීනයේ ලෝක ව්‍යාප්ත Beidou – Sattelite Navigateion Network එක

Share
blank
Share

චීනය විසින් ඔවුන්ගේම සැටලයිට් නැවිගේශන් පද්ධතියක් තැනීම ආරම්බ කලේ 2000 වර්ශයේ ඉදන්. එහිදී ඔවුන් චන්ද්‍රිකා තුනක් කක්ෂගත කරා. ඉන්පසු වසර 20 තිස්සෙ දියුනු කරගෙන පැමිනි ඔවුන්ගේ සැටලයිට් ජාලයේ 35 වන හෙවත් අවසන් චන්ද්‍රිකාව 2020දි කක්ශගත කරා. එතැන් පටන් දියුනු කරපු මෙය දැන් එහි තාක්ශනය අතින් උපරිම තැනට පැමින සිටිනව.

මෙය BeiDou satellite navigation system ලෙසයි හදුන්වන්නෙ. මෙම පද්ධතිය යුදමය කටයුතු සහ පාරවල් සොයාගැනීම වැනි සිවිල් කටයුතු සදහා යොදාගන්නව. එසේම එම සේවය ඔවුන් වෙනත් රටවල් වලට මුදලට විකුනනව. නවතම වාර්තා වලට අනුව ඔවුන්ගේ සේවය දැනට බිලියනයකට අධික පිරිසක් බාවිතා කරනව.

මේ වගේ හොදින්ම ක්‍රියාත්මක වෙන තවත් සැටලයිට් පද්ධති තුනක් ලොව තිබෙනව. ඒ තමයි ඇමරිකාවෙ GPS, රුසියාවේ GLONASS සහ යුරෝපා සංගමයට අයත් Galeilio. ඇමරිකාවේ GPS චන්ද්‍රිකා ජාලයෙ දැනට චන්ද්‍රිකා 31 තිබෙනව. ඉන් 24 සෑම විටම ක්‍රියාත්මකව පවතිනව. ඉතුරු 7 ඇත්තෙ ක්‍රියාත්මක වන චන්ද්‍රිකාවක් දෝශ සහිත වුනොත් ඒ සදහා යෙදවීමටයි.

ඒවගේම රුසියාවේ ග්ලොස්නොස් සේවයේත් චන්ද්‍රිකා 31 ඇති අතර එහිද 24 නිතර ක්‍රියාත්මක වෙන අතර 4ක් අමතර ඒවා ලෙසත් 2ක් නඩත්තු සදහාත් වෙන් කර තිබෙනව. ගැලිලියෝ ජාලයේත් මේ ආකාරයෙන්ම චන්ද්‍රිකා තිබෙනව.

චීනයෙන් පවසන ආකාරයට ඔවුන්ගේ චන්ද්‍රිකා පද්ධතිය මගින් පොලොව මත ඕනෑම තැනක සිටින පුද්ගලයෙකුගේ පිහිටීම සෙන්ටිමීටර් 10 දක්වා නිවැරදිව පවසන්න පුලුවන්.

මෙවැනි සැටලයිට් නැවිගේශන් පද්ධති අතරින් පලමුවැනි සහ වඩාත් ජනප්‍රිය සේවය ලෙස සැලකෙන්නෙ මුලු ලොවටම නොමිලේ බාවිතා කලහැකි ලෙස තිබෙන GPS ජාලයයි. මෙවැනි කුමන හෝ සැටලයිට් පද්ධතියක් සැකසෙන්නෙ පොලොවට ඉහලින් නිශ්චිත කක්ශයක පොලොව වටා ගමන් ගන්නා චන්ද්‍රිකා සමූහයක් මගින්. එම චන්ද්‍රිකා වලින් ලබාගන්න රූප පොළොවේ ඇති පාලන මධ්‍යස්තාන වලට එවන අතර එහිදි මහජනතාවට නිකුත් කරන ඒවාගෙන් රහස් තොරතුරු වෙන්කර ඉදිරිපත් කරනු ලබනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...