Battlefield 6 ගේම් එක ගැන තියන hype එක දැන් ඉතාමත් ඉහළ ගොස් තිබෙනවා. Game එක release වෙන්න පෙරම, Steam pre-orders විශාල ප්‍රමානයක් ලැබිල තියෙනවා. ඒ පලමු සතිය තුලම ලක්ශ 5ක පමන පිරිසක් pre-orders ලබාදී තිබෙනවා. මේක Call of Duty player base එකටත් බලපෑමක් වෙලා තියෙනවා කියලා දත්ත වලින් පෙන්නුම් කරනවා.
Steam charts වල Battlefield 6 දැන් ඉහළම ස්ථානයකට ඇවිල්ල තියෙනවා, ඒත් මේක සිදුවුනේ EA සමාගමේ marketing campaign එක නිසා. Trailers, gameplay teasers, සහ multiplayer අප්ඩේට් වලට පරිශීලකයන් hype වෙලා තියෙනවා. COD series එකේ අලුත් ක්‍රීඩා ගැන ක්‍රීඩකයන් කිව්වෙ ඔවුන් ඇත්තටම අලුත් අත්දැකීමක් ලබන්න පුලුවන් ක්‍රීඩාවක් හොයනවා කියලා සහ Battlefield 6 ඒ gap එක cover කරනවා කියල.
Gaming forums වලත් දැකගන්න පුලුවන් වෙන්නෙ, battlefield ක්‍රීඩාවේ mechanics ගැන ක්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් විස්තර හොයන බවයි. තවත් ක්‍රීඩකයන් කියා තිබෙන්නෙ Battlefield 6 cross-platform support සහ විශාල මැප්ස් තමන්ට අවශ්‍ය විවිධත්වය ලබාදෙයි කියලා. මේ ආකාරයටම දිගටම ගියොත්, Battlefield 6 release date එකේදි Call of Duty දැනට සිටින පරිශීලක පිරිස සැලකිය යුතු තරමින් අඩුවේවි.














Leave a comment