Home Tech News Telegram හි ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට
Tech News

Telegram හි ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

Share
blank
Share

ප්‍රංශ බලධාරීන් විසින් ජනප්‍රිය Messagingයෙදුමක් වන Telegram හි ප්‍රධාන විධායක නිලධාරී Pavel Durovඅත්අඩංගුවට ගෙනතිබේ. 2024 අගෝස්තු මස 24 වනදින පැරීසියට ආසන්නව පිහිටා තිබෙන Le Bourget ගුවන් තොටුපලේදී Durov ඔහුගේ පෞද්ගලික ජෙට්‍ යානයෙන් බැසයන අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. ප්‍රංශ විමර්ශන අධිකාරියක් වන OFIMවිසින් නිකුත් කරනලද වරෙන්තුවකට අනුව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ඇතිබව වාර්තා වේ. මෙම අත්අඩංගුවට ගැනීමට අදාල නිශ්චිත චෝදනා ප්‍රසිද්ධ වී නැතත් Telegram හි පරිශීලක දත්ත(User data)හැසිරවීමක් පිලිබදව සිදුකරන විමර්ශනයකට සම්බන්ධව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇතැයි බොහොදෙනෙකු අනුමාන කරයි.

එසේම මෙම අත්අඩංගුවට ගැනීම තාක්ෂණික ලෝකය පුරා දැඩි අවධානයට යොමුවී තිබේ.විශේෂයෙන්ම Telegram වටා ඇති පුද්ගලිකත්ව සහ දත්ත ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් මෙන්ම Telegram හි සමූහ (Group) සහ පුද්ගලියින් අතර සෘජුව කෙරෙන කතාබස්(one-on-one chats) End-to-end encryption යොදා සංකේතනය කර නොමැතිවීම පිලිබදවද විචාරකයින් කනස්සල්ල පලකර ඇති මොහොතක මේ සියලු කාරණා සලකා බැලීමෙන් පසු ප්‍රංශ බලධාරීන් ඔවුන්ගේ විමර්ශනවල කොටසක් ලෙස පරිශීලක දත්ත වෙත ප්‍රවේශය ඉල්ලා සිටිය හැකිබවටද අනුමාන කරයි.නමුත් එවැනි තොරතුරු ලබාගැනීමට ප්‍රංශ බලධාරීන්ට Telegram සමාගමට යම් බලකිරීමක් කලහැකිද යන්න පිලිබදව සමාගම් කළමනාකාරීත්වය තවමත් අදහසක් දක්වා නොමැත.

SourcesThe Verge

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...