Press ESC to close

Asus ROG Zephyrus Duo 15 now in sri lanka

Screen දෙකක් එක්ක දැනට ලෝකයේ තියෙන Highend Specs එක්ක එන Asus Zephyrus Duo 15 Review එක.

Asus Zephyrus කියන්නෙ Asus සමාගමේ Premium Laptop නිෂ්පාදන පෙළක්. මේ වසරේ නිකුත් වෙන Zephyrus නිෂ්පාදන පෙලේ මුලින්ම ඇස ගැටෙන සහ ප්‍රධාන Laptop එක තමයි තිර දෙකක් සහිත Zephyrus Duo කියන්නෙ. මින් පෙර නිකුත් කල ZenBook Pro Duo හි තිබුන Dual Screen Concept එක මතම වැඩිදියුණු වීමක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

Get Your Site Up with A2 Hosting

සාමාන්‍ය වැඩ කටයුතු වල එහා යන Editing, 3D, Architectural Visualization වැනි වැඩකටයුතු වලදී Screen දෙකක් පාවිච්චි කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙය laptop එකක් තුල, සාපේක්ෂව පහසුවෙන් ගෙනයාමේ හැකියාවක් මෙතෙක් තිබුනේ නැහැ. විවිධ සමාගම් මේ සදහා පිළිතුරු සැපයීමට උත්සහ කලත්, සාර්ථක මෙන්ම ප්‍රායෝගික පිළිතුරක් ලබාදීමට සමත්ව ඇත්තේ Asus සමාගමෙන්.

අගල් 15.6″ ක 4K (3840 x 2160) resolution එකක් සහිත Main Screen එක non Gloss එකක් මේ නිසා දිගු වේලාවක් Creative වැඩ වගේම Gaming පහසුවෙන් කරන්න පුළුවන්. Adobe RGB වලට 100%ක් Calibrated සහ Pantone Validated නිසා වර්ණ පරාසය සහ එය පෙන්වීමේදී පියවි ඇසට පෙනෙන වර්ණයන් ඒ ආකාරයෙන්ම පෙන්වීමේ හැකියාව තිබීම Designing කරන්න මෙය යොදාගන්න හොද හේතුවක්.

මෙහි ROG Screenpad Plus ලෙස හදුන්වන දෙවෙනි Screen එක laptop එක විවෘත කරද්දි අංශක 13ක් පමණ උඩට එසවෙන නිසා පහසුවෙන් එහි ඇති දේවල් බලාගන්න පුළුවන්. 3840 x 1100 pixels Touch Screen එකක් වෙන මේ තුලින් Windows 3ක් එකපෙළට තබාගන්න පුළුවන් නිසා Multitasking කිරීමේදී ඉතාමත් පහසුවක් වෙනවා.

Performance

අළුත්ම intel 10th gen i9 – 10980HK වගේම i7 – 10875H CPU වලින් එන මේ Zephyrus Duo Laptop එකේ RAM එක 16GB සිට 48GB දක්වා ලබාගන්න පුළුවන්. මෙහි GPu එක වෙන්නෙ 8GB VRAM එකක් සහිත Nvidia RTX 2080 Super එකක්. මේ නිසා Designing, Dual Triple Screen වගේම Gaming, Game Streaming කරන්න පුළුවන්. සම්පූර්ණ Spec එක බලන්න මේ Link එකෙන්.

Storage

මේ laptop එකතුල Storage එක Configure කරල තියෙන්නෙ සාමාන්‍ය High end Laptop වලට එහා ගිය RAID 0 විදිහටයි. මේ නිසා වැඩි Read Write Speed එකක් මේ Super performance Laptop එකට ලබා දෙන්න පුළුවන් වෙලා. 1TB SSD දෙකක් RAID 0 විදිහට ලබාදීල තියෙන නිසා සම්පූර්ණ 2TB Capacity එකක් Laptop එකට ලැබෙනව. මිලදී ගන්නා Model Configuration එක අනුව මෙය වෙනස් කරගන්න පුළුවන්.

Cooling

මේ Laptop එක තුල Cooling සදහා යොදාගන්න Thermal Paste එක වෙනුවට ලෝකයේ පළමුවරට Production Laptop එකක් තුල Liquid Metal යොදාගෙන තිබෙනව. Liquid Metal කියන්නෙ දැන් භාවිතා කරන Thermal paste වලට වඩා කාර්යක්ෂමතාව වැඩි Thermal Conductive Solution එකක්. මෙය භාවිතා කිරීමෙන් Thermals වල 5 – 10 C වගේ විශාල වෙනසක් ලබාගන්න පුළුවන්.

නමුත් මෙය භාවිතා කරන්න නම් CPU එක මතට මෙය නියම ප්‍රමාණයෙන් යොදාගන්න ඕන. නැත්නම් මේ හරහා CPU, Motherboard – Short Circuit වෙන්න පුළුවන්. මේ නිසා manual Method එක හරහා පමණක් පරිස්සමින් කරන්න ඕන මේ Liquid Metal Spreading ක්‍රියාවලිය පළමු වරට සාර්ථකව Automated Process එකක් හරහා සිදුකිරීම Asus සමාගම සිදු කරන්න සමත් වෙලා තිබෙනව.

Connectivity

Laptop එකක් විදහට Zephyrus Duo තුල අවශ්‍ය කරන Connectivity options විශාල ප්‍රමාණයක් අඩංගු වෙනව. Audio Out, Mic In වල සිට USB Type A, Type-C සහ Thunderbolt පහසුකම RJ45 – Network Port, HDMI Port වගේම Bluetooth සහ WiFi 6 පහසුකම මෙහි ඇතුලත් වෙනව.

මේ Laptop එක ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපේ Review Video එක බලන්න.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (3)

Leave a Reply to Yasiru Weerakoon Cancel reply

Your email address will not be published. Required fields are marked *