Home Tech News Paul vs Tyson තරගයටත් වඩා කතාබහට ලක්වුනු Netflix
Tech News

Paul vs Tyson තරගයටත් වඩා කතාබහට ලක්වුනු Netflix

Share
blank
Share

පසුගිය සිකුරාදා දින සියලුදෙනා කතාබහ කරන බොක්සින් තරගයක් පැවැත්වුනා. ඒ තමයි සුප්‍රසිද්ධ බොක්සින් ක්‍රීඩක Mike Tyson සමග Jake Paul අතර පැවැත්වුනු තරගය. ඉතින් ආන්දෝලනාත්මක බොක්සින් ක්‍රීඩකයෙක් වන Mike Tyson ගැන බොහෝ දෙනෙක් අහල තියනවා. මේ වනවිට 58 වන වියේ පසුවන ඒ වගේම බොක්සින් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින Tyson මේ විදියට බොක්සින් තරගයට එක්වෙන්නෙ අවුරුදු 27ක් වයස Jack Paul නම් තරුන ක්‍රීඩකයා සමගයි.

කොහොමවුනත් Jack Paul විසින් Tysonව තරග වට අටක් ඇතුලත පරාජය කරනවා. ඉතින් මේ තරගය සජීවීව විකාශය කිරීමේ අයිතිය තිබුනෙ Netflix සමාගමටයි. හැබැයි මේ තරගයටත් වඩා කතාබහට ලක්වුනේ සජීවී විකාශය ලබාදුන්න Netflix ඇප් එකෙන් පරිශීලකයන්ට ලැබුනු නරක අත්දැකීමයි.

මේ තරගය විකාශය වෙන අතරතුර සෑහෙන වාර ගනනක් විකාශය freeze වෙන්න වගේම buffering වෙන්නත් පටන් අරන් තියනවා. මේ වෙනකොට X තුල trending වෙන hashtag එකක් තමයි #NetflixCrash කියන්නෙ. මෙවැනි online services වල සිදුවන ප්‍රශ්න ගැන වාර්තා කරන සමාගමක් වන Downdetector සමාගම පවසන විදියට මේ Netflix ගැටලුව ගැන වාර්තා මිලියනයක් ලැබී තිබෙනවා. ඒ විවිධ රටවල් 50ක පමන පරිශීලකයන්ගෙන්.

Netflix වල මේ වගේම පසුගිය වසරෙත් සජීවී විකාශය කරන්න සූදානම් වෙලා හිටපු Love is Blind වැඩසටහනත් පැයක පමන කාලයක් ප්‍රමාද කරන්න සිදුවුනා මේ buffering ගැටලු නිසා. කොහොමවුනත් Netflix සමාගමට තව මාසයක පමන කාලයක් තිබෙනවා ඉදිරියෙදි ඔවුන් නිකුත් කරන්න සූදානම් වෙල ඉන්න සජීවී විකාශ වන NFL තරග විකාශය සහ WWE RAW යන වැඩසටහන් විකාශය කරන්න කලින් මේ buffering සහ freeze වීමේ ගැටලු නිරාකරනය කරන්න.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...