Home Tech News Explained Sea of Stars පරිගණක ක්‍රීඩාව ගැන දැනගමු
ExplainedGamesTech News

Sea of Stars පරිගණක ක්‍රීඩාව ගැන දැනගමු

Share
blank
Share

Sea of Stars යනු, ලෝ වැසියන්ගේ ජන ජීවිතයට බලපෑම් කරන නපුරු බලවේගවලට එරෙහිව සටන් වදින තරුණයෙක් සහ තරුණියක් ගැන කතාවක්, තේමා කර ගෙන නිර්මාණය කළ පරිගණක ක්‍රීඩාවක්.

සාමාන්‍ය ජන ජීවිතය විනාශ කරමින් ලෝකය තුළ ත්‍රාසය භීතිය පතුරුවමින් සිටින්නේ යක්ෂ බලවේගයක්. උන් විසින් නිර්මාණය කරන ලද යක්ෂ කණ්ඩායමක් සිටිනව. උන්ට එරෙහිව සටන් වඳින්නේ, මෙම පරිගණක ක්‍රීඩාවේ ප්‍රධාන චරිත දෙක වෙන, සේල් නම් තරුණයා සහ වැලරි නම් තරුණියයි. මේ දෙදෙනා පාරම්පරික සටන්කරුවෝ වෙනව.

සේල් සහ වැලරි වෙත පැවරී ඇති වගකීම, නපුර විනාශ කර ලෝකය තුළ සාමය ගොඩනැගීමයි. ස්වභාව ධර්මයාගෙන් දෙදෙනාම ලද බලයක් එහිදී යොදා ගැනෙනව. සේල් තරුණයා, හිරුගේ ශක්තිය උපයෝගී කර ගෙන නපුරට එරෙහිව සටන් කළ හැකි බලයකින් යුක්තයි. වැලරිට ලැබෙන්නේ සඳුගේ ශක්තියයි.

Sea of Stars යනු ආරම්භයේ සිටම ක්‍රියාශීලීව ක්‍රීඩා කළ හැකි පරිගණක ක්‍රීඩාවක්. පරිගණක ක්‍රීඩාවේ එන සටන්කරුවන්ගේ කණ්ඩායම හය දෙනෙක්ගෙන් සමන්විතයි. මෙම කණ්ඩායම, ලොව පුරා තැනින් තැනට ගමන් කරමින් නපුරු බලවේග සමඟ සටන් කරන් කරනව.

එහෙත්, පරිගණක ක්‍රීඩකයාට මූලික වශයෙන් මෙහෙයවීමට ලැබන්නේ මෙම ප්‍රධාන චරිත දෙකෙන් එකක්. එසේ වුවත් ඇවැසි ඇතැම් අවස්ථාවලදී අනෙක් ඕනෑම අයෙක් පාලනය කරමින් ක්‍රීඩාව ඉදිරියට කර ගෙන යන්න පුලුවන්.

මෙම ක්‍රීඩාවේදී නපුරු බලවේග සොයා ගොස් ඔවුන්ව විනාශ කිරීමට අමතරව, ඇතැම් අවස්ථාවලදී තමන් ගමන් කරන ස්තානවලදී හමු වෙන විවිධ ප්‍රහේලිකා විසඳීමද කළ යුතු වෙනව. ක්‍රීඩාව කරගෙන යන විට හමු වෙන ගොඩනැගිලිවලට ඇතුළුවීම පිණිස, එහි ඇති ආරක්ෂිත දොරටු විවෘත කර ගත යුත්තේ ප්‍රහේලිකා විසඳීමෙන්. මෙම වැඩ සියල්ල වෙනුවෙන් ලකුණු ලැබෙනව.

Sea of Stars පරිගණක ක්‍රීඩාවේ ග්‍රැෆික් නිර්මාණ, සරල ත්‍රිමාන රූපී ශෛලියකින් නිර්මාණය කිරීමට මෙහි ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් කටයුතු කර තිබෙනව. ක්‍රීඩාව තුළ ඇති වේගයට ගැළපෙන ආකාරයේ සජීවීකරණ දක්නට ලැබීම මෙහි ඇති විශේෂත්වයක්.

ක්‍රීඩා පසුබිමෙහි හමු වෙන ගොඩනැගිලි, පරිසරය යනාදී සියල්ල නිමවා තිබෙන්නේ ක්‍රීඩාව සමඟ බොහෝ වේලාවක් රැඳී සිටින විට ඇති වෙන වෙහෙස අඩු කරන ආකාරයටයි. චරිත අතර සිදු වෙන දෙබස්, හඬ ලෙස එක් කර නැහැ. ඒවා උපසිරැසි වශයෙන් පෙන්වනවා පමණයි. ක්‍රීඩාවේ විශේෂ අවස්ථාවලට ගැළපෙන සේ පසුබිම් සංගීතයද එක් කර තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...