යුරෝපා සංගමයේ රෙගුලාසිවලට යටත් ව Apple සමාගම ඔවුන්ගේ මීළඟ දුරකථන මාදිලි පාරිභෝගිකයාටම දුරකථනයේ බැටරිය ප්‍රතිස්ථාපනය කරගැනීමේ හැකියාව සහිත ව නිකුත් කිරීමට අත්හදා බැලීම් සිදුකරමින් සිටින බව සඳහන් වේ. ඒ අනුව බොහෝ විට iPhone 16 දුරකථන මාදිලිය හෝ IPhone 17 මාදිලි හරහා මෙම විශේෂාංගය එළිදක්වනු ඇතැයි GSM-Arena වෙබ් අඩවියේ වාර්තාවක සඳහන් වේ.
බොහෝ විට නව පරම්පරාවේ දුරකථන බැටරිය පාරිභෝගිකයාටම ප්‍රතිස්ථාපනය කිරීමේ පහසුකමින් තොර ව පැමිණෙන අතර බොහෝ විට බැටරිය දුරකථනය හා සම්බන්ධ වී පවතින්නේ ඇලවුම් තීරු කිහිපයක් මඟිනි. නමුත් නව ක්‍රමවේදය ලෙස කුඩා විද්‍යුත් කම්පනයකින් බැටරිය ඉවත් කළ හැකි ලෝහ ආවරණයක් වෙත යාම කෙරෙහි ඇපල් සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම නව තාක්ෂණය “electrically induced adhesive debonding” යනුවෙන් හඳුන්වනු ලබයි.

මෙම නව ක්‍රමවේදය නිසා දුරකථනයේ මුද්‍රා තබා පැමිණෙන පිටත පිටුපස ආවරණය පෙර මෙන් ඌෂ්ණත්වයකට ලක් කරමින් විවිධ උපකරණ හරහා ගැලවීමට අවශ්‍ය නොවීම නිසා පාරිභෝගිකයාට වඩාත් පහසුවක් වනු ඇත.
යුරෝපා සංගමයේ බලපෑම මත මීට පෙර ඇපල් සමාගමට ඔවුන්ගේ Lightning port එක වෙනුවට USB Type-C වෙත මාරුවීමට ද සිදුවුණා.
Source :- GSMArena














Leave a comment