Home Tech News Samsung පරදා Foldable දුරකථනවල මුල් තැන Huawei ලබාගනී.
Tech News

Samsung පරදා Foldable දුරකථනවල මුල් තැන Huawei ලබාගනී.

Share
blank
Share

Huawei සමාගම නැවත වරක් 5G සහිත smart devices නිකුත් කිරීමට අවතීර්ණ වීමත් සමඟ ම පළමු වරට (foldable) ජංගම දුරකථන අතර මෙතෙක් ප්‍රථම ස්ථානයේ සිටි Samsung පරදවා ලෝකයේ මුල් ස්ථානයට පත්වී ඇත.

හොංකොං පදනම් වූ Counterpoint පර්යේෂණවලට අනුව පළමු කාර්තුවේදී චීනය පදනම් කරගත් Huaweiහි සමාගම සමස්ත foldable දුරකථන නැව්ගත කිරීම්වලින් 35%ක ප්‍රමාණයක් අත් කරගත් අතර එය වසර තුළ සියයට 21ක වැඩිවීමකි. Samsung සමාගමෙහි කොටස 35% සිට 23% දක්වා පහත වැටී ඇත. Honor සමාගමේ ද foldable නිෂ්පාදන නැව්ගත කිරීම 12%ක් දක්වා ඉහළ ගිය අතර එය තුන්වන් ස්ථානයට පත් විය.
counterpoint විශේෂයෙන් ගෙනහැර දක්වන පරිදි Huawei සමාගම 5G තාක්ෂණය ද සහිත ව 2023 සැප්තැම්බර් නිකුත් කරන ලද Huawei Mate X5 හා මෙම වසර මුලදී නිකුත් කරන ලද Pocket 2 clamshell යන නිෂ්පාදන පාරිභෝගික අවධානය Huawei foldable නිෂ්පාදන කෙරෙහි වැඩිවීමට හේතු වී ඇත.

පසුගිය කාලය තුළ Huawei සමාගමට පැනවුණු ඇමරිකානු සම්බාධක මත Huawei නිෂ්පාදනවල විකුණුම් පහත වැටුණු අතර, එය Huawei සැලසුම් කළ නවතම 5G අන්තර්ගත chipset එකක ආගමනයත් සමඟ ක්‍රමයෙන් නැවත යථා තත්වයට පත් වන්නට විය. මේ නිසා චීනය තුළ ද Huawei නිෂ්පාදන ඉල්ලුම නැවත ඉහළ යන්නට විය.

Soures :- asia.nikkei.com

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...