Home Tech News අවධානය ගිලිහී නොයන්න ඉඩදෙන Safari
Tech News

අවධානය ගිලිහී නොයන්න ඉඩදෙන Safari

Share
blank
Share

Apple සමාගමෙන් ඔවුන්ගෙ internet browser එක වන Safari සදහා නව විශේෂාංගයක් හදුන්වා දී තිබෙනවා. එය Distraction Control ලෙස නම් කර තිබෙනවා. මෙමගින් සිදුවන්නෙ වෙබ් අඩවියකට පිවිසෙන විට එම වෙබ් අඩවි මගින් නිකුත් කරන විවිධ elements වැනි අපෙ අවධානය වෙනස් කරන දේවල් ඉවත් කරන එකයි.

මෙම විශේෂාංගය Arc browser එක මගින් පසුගිය වසරේදී හදුන්වාදුන් විශේෂාංගය ලෙසම නිර්මානය කර තිබෙනවා. එමගින් පරිශීලකයන්ට වෙබ් අඩවියක තිබෙන ඔවුන්ට අවශ්‍ය නැති විශේෂාංග ඉවත් කර වෙබ් අඩවියෙ පෙනුම වෙනස් කරගන්න හැකියාව ලැබුනා.

මේ වනවිට Apple සමාගම මෙම නව අප්ඩේට් එක iOS 18 developer beta සංස්කරණය සමග වගේම iPadOS 18 සහ macOS Sequoia සමග නිකුත් කර තිබෙනවා.

මෙම නව විශේෂාංගය බාවිතා කරන්න පරිශීලකයන් කලයුත්තෙ Smart search field එක තුලින් Page Menu ගියවිට එහි තිබෙන Distraction Control tool එක සක්‍රීය කරගැනීමයි. ඉන්පසුව ඔබට අවශ්‍ය දේවල් වෙබ්සයිට් වලින් ඉවත් කරගන්න පුලුවන්. එක්වරක් එසේ එක් වෙබ් අඩවියක යමන් ඉවත් කලවිට එය මතකයේ තබාගෙන පසුව නැවත එම වෙබ් අඩවියට පිවිසෙන විට එම ඉවත් කල දේවල් ඉබේම ඉවත් වීම සිදුවෙනවා.

මේ ආකාරයට තේරීම් කර වෙබ් අඩවි වලින් ඉවත් කරන elements දැනට sync වීමක් සිදුවන්නෙ නැහැ. එහෙයින් ඔබට පරිගණකයෙන් ඉවත් කල elemnets නැවත දුරකතනයෙන් බලාගැනීමට හැකිවෙනවා.

මෙසේ hide කල elements නැවත බලාගැනීමට කලයුත්තෙ Search field එකෙ තියන Hide icon එක ක්ලික් කර එහි එන Show Hidden Items මත ක්ලික් කිරීමයි.

iOS 18 සමග ඇපල් සමාගම දියුනු කල reader විශේෂාංගය අලුත් fonts සමග හදුන්වා දුන්නා. ඒවගේම highlights නමින් තවත් විශේෂාංගයක් හදුන්වාදුන් අතර එමගින් වෙබ් අඩවියක තිබෙන වැදගත් දේවල් එනම් link වැනි දේවල් වෙනම highlight කර පෙන්වනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...