Home Tech News නැවතත් Removable battery වෙත හැරෙන Apple
Tech News

නැවතත් Removable battery වෙත හැරෙන Apple

Share
blank
Share

යුරෝපා සංගමයේ රෙගුලාසිවලට යටත් ව Apple සමාගම ඔවුන්ගේ මීළඟ දුරකථන මාදිලි පාරිභෝගිකයාටම දුරකථනයේ බැටරිය ප්‍රතිස්ථාපනය කරගැනීමේ හැකියාව සහිත ව නිකුත් කිරීමට අත්හදා බැලීම් සිදුකරමින් සිටින බව සඳහන් වේ. ඒ අනුව බොහෝ විට iPhone 16 දුරකථන මාදිලිය හෝ IPhone 17 මාදිලි හරහා මෙම විශේෂාංගය එළිදක්වනු ඇතැයි GSM-Arena වෙබ් අඩවියේ වාර්තාවක සඳහන් වේ.

බොහෝ විට නව පරම්පරාවේ දුරකථන බැටරිය පාරිභෝගිකයාටම ප්‍රතිස්ථාපනය කිරීමේ පහසුකමින් තොර ව පැමිණෙන අතර බොහෝ විට බැටරිය දුරකථනය හා සම්බන්ධ වී පවතින්නේ ඇලවුම් තීරු කිහිපයක් මඟිනි. නමුත් නව ක්‍රමවේදය ලෙස කුඩා විද්‍යුත් කම්පනයකින් බැටරිය ඉවත් කළ හැකි ලෝහ ආවරණයක් වෙත යාම කෙරෙහි ඇපල් සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම නව තාක්ෂණය “electrically induced adhesive debonding” යනුවෙන් හඳුන්වනු ලබයි.

මෙම නව ක්‍රමවේදය නිසා දුරකථනයේ මුද්‍රා තබා පැමිණෙන පිටත පිටුපස ආවරණය පෙර මෙන් ඌෂ්ණත්වයකට ලක් කරමින් විවිධ උපකරණ හරහා ගැලවීමට අවශ්‍ය නොවීම නිසා පාරිභෝගිකයාට වඩාත් පහසුවක් වනු ඇත.

යුරෝපා සංගමයේ බලපෑම මත මීට පෙර ඇපල් සමාගමට ඔවුන්ගේ Lightning port එක වෙනුවට USB Type-C වෙත මාරුවීමට ද සිදුවුණා.

Source :- GSMArena

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...