Home Tech News gadgets Apple Watch Series 9 වලට නව රෝස පාටක්
gadgetsTech News

Apple Watch Series 9 වලට නව රෝස පාටක්

Share
blank
Share

Apple සමාගමේ Apple Watch නිෂ්පාදනය බොහෝ ජනප්‍රිය Smart watch එකක් කියන්න පුළුවන්. මෙයට හදුන්වා දෙන Hardware / software Features සමග දැන් ඔබව අනතුරකට ලක්වුවහොත් හෝ සෞඛ්‍ය තත්වයේ වෙනසක් ඇති උවහොත් ඒ ගැන automatically අදාල සේවාවන් දැනුවත් කරන තරමට දියුණු වෙලා.

අළුතෙන් නිකුත් වෙන්න නියමිත apple watch Series 9 එක සදහා වෙනස්ම Color option upgrade එකක් ලබාදීමේ අදහසක් තිබෙන බවට තොරතුරු වාර්ථා වී තිබෙනව. Apple සම්බන්ධ තොරතුරු Leak කරන ShrimpApplePro විසින් මේ ගැන අදහස් පල කර තිබෙනව. දැනට පවතින Midnight, Starlight, Silver, සහ RED නිමාවන් සමඟින් Aluminum Series 9 සඳහා රෝස පස්වන වර්ණය වන බව ShrimpApplePro සඳහන් කර සිටියි.

Apple විසින් නවතම iPad Air, iPad mini, iPad සහ iMac වැනි තවත් උපාංග කිහිපයක් සඳහා දැනටමත් රෝස වර්ණය ලබා දී ඇති අතර iPhone 15 සහ iPhone 15 Plus ද රෝස පැහැයෙන් ලබා ගත හැකි බවට ඇතැම් rumors පවතී.

stainless steel ආවරණයක් සමගින් නිර්මාණය වන Apple Watch Series 9 සඳහා වර්ණ විකල්ප ලෙස රන්, රිදී සහ ග්‍රැෆයිට් පවතිනු ඇතැයි කියනු ලැබේ.Pink Series 9 ප්‍රභේදයට අමතරව, ShrimpApplePro ප්‍රකාශ කරන්නේ Apple Watch Ultra 2 එය ලබන මාසයේ දියත් කරන විට නව කළු වර්ණ විකල්පයක් හඳුන්වා දෙන බවයි.

leaker තව දුරටත් පවසන්නේ Apple Watch Series 9 මාදිලියේ නව චිපයකින් සමන්විත වනු ඇතැයි අපේක්ෂා කරන අතර Bloomberg’s Mark Gurman කලින් පවසා ඇත්තේ කලින් iPhone 13 මාදිලිවල මුලින්ම භාවිතා කරන ලද A15 Bionic චිපය වැඩි දියුණු කර මෙයට එක් කරණු ඇති බවය.

කෙසේ වෙතත් මෙය තහවුරු කර ගැනීමට අපට සැප්තැම්බර් (බොහෝ විට සැප්තැම්බර් 12 හෝ 13) වන තෙක් බලා සිටීමට සිදු වේ.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...