Home Tech News Events රුසියාව Internet එකෙන් වෙන් වෙන ලකුණු
EventsTech News

රුසියාව Internet එකෙන් වෙන් වෙන ලකුණු

Share
blank
Share

මේ වනවිට ඇතිවෙලා තියෙන රුසියානු යුක්රේන යුද්ධය සමග රුසියාවට සම්බාධක පනවන්න ඇමරිකාව ප්‍රමුඛ රටවල් කටයුතු කිරීමත් සමගම අන්තර්ජාල සේවාවන් නවත්වන්නත් නොයෙක් සමාගම් කටයුතු කරනව. මේ සමගම පසුගිය සතියේ රුසියාව විසින්ම තමන්ගෙ අන්තර්ජාලය සීමා කිරීම ආරම්භ කරල තියෙනව.

දැනට අප දන්න තරමින් චීනය තම රට තුල දැඩිව පාලනය කල අන්තර්ජාල සේවාවක් තමයි ලබාදෙන්නෙ. Google, Facebook, Youtube නැති චීන ජනතාව ඒ වෙනුවට ඔවුන්ගේම Baidu වැනි Search engine සහ Facebook වෙනුවට WeChat වැනි දේවල් වගේම චීනයටම සීමාවූ TikTok එකක් පවා ඔවුන් භාවිතා කරනව. අති විශාල ජනගහනයක් සිටින චීන ජනතාවට අත්විදින්න වෙලා තියෙන මේ Fire Walled Internet එක වගේම දෙයක් තමයි රුසියාවටත් වෙන්න යන්නෙ.

Google Play සේවාව රුසියාවට නතර කිරීම මෙලෙස දන්වා තිබුනා

මේ වනවිට Microsoft සමාගම සහ Apple සමාගම රුසියාව තුල තමන්ගෙ සේවාවන් වගේම නිෂ්පාදන (Software / Hardware) විකිනීම නවත්වල තියෙනව. ඒ වගේම ‍2022 මාර්තු 4 වෙනිදා රුසියානු රජය Facebook එක Ban කිරීමත් එක්කම ඇමරිකානු Social Media යම් තරමක පාලනය කිරීමක් (Throttle) සිදු කලා. මේ හරහා රුසායානුවන්ට පිටත ලෝකයේ සිදුවන දේවල් ගැන දැනගැනීමට සිදුවන්නේ රුසියාවේ ජනමාධ්‍ය මගින් පමණයි.

රුසියානු රජයේ මෙම ක්‍රියා කලාපයත් සමග අන්තර්ජාලය සහ අනෙකුත් තාක්ෂණික සමාගම් වගේම පරිගණක Smart Phone පවා නිපදවන රට සහ භාවිතා කරන රටවල් අනුව කාන්ඩ වලට බෙදී යාමක් සහ වෙන්කිරීමක් දකින්නට පුළුවන්. මෙම වෙන්කිරීම තාක්ෂණය දියුණු මෙවන් අවධියකදී කෙතරම් දුරට මානුෂීයද යන්න ගැන නැවත සිතා බැලීම මෙන්ම හැම දෙනාටම පොදු මෙවන් සේවාවන් රටක් හෝ ආයතන වලට සිතූ ලෙස නැවතිය හැකිද යන්න ගැනත් නැවත කතිකාවක් ඇති කල යුතු කාලය පැමිණ තිබෙනවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...