Home Tech News Explained මිළ අඩු Phone වලට Qualcomm Snapdragon 4 Gen 2
ExplainedHardwarePhonesTech News

මිළ අඩු Phone වලට Qualcomm Snapdragon 4 Gen 2

Share
blank
Share

Qualcomm සමාගම විසින් ඔවුන්ගේ නවතම budget-friendly mobile chipset එක වන Snapdragon 4 Gen 2 එලිදැක්වූවා. මෙම නව චිප්සෙට් එක මගින් බජට් දුරකතන වලට නව වැඩිදියුනු කිරීම් රැසක් හදුන්වා දෙනව.

ප්‍රධාන වශයෙන් මෙමගින් දවස පුරා බාවිතා කලහැකි ලෙස බැටරි ආයු කාලය ඉතිරි කර දෙනව. ඒවගේම වඩාත් වේගවත් CPU එකක් සහ 5G සම්බන්දතාව මෙම චිප්සෙට් එක මගින් ලැබෙනව. මෙහි CPU එකෙ වේගය 2.2 GHz වන අතර මීටපෙර තිබුනු චිප්සෙට් එකට වඩා මෙහි වේගය වැඩිකර තිබෙනව.

Qualcomm සමාගමේ නවතම quick-charging තාක්ශනයත් මෙයට ඇතුලත් කර තිබෙනව. එමගින් විනාඩි 15ක් තුල 50% දක්වා චාර්ජ් කිරීමේ හැකියාව ලබාදෙනව.

ඒවගේම මෙම චිප්සෙට් එක මගින් 120fps සහිත FHD+ display එකක් දක්වා සහය දක්වනව. Snapdragon 4 Gen 2 මගින් ලබාදෙන camera upgrades අතර electronic image stabilization, වේගවත් autofocus කිරීමෙ හැකියාව සහ enhanced blur reduction පහසුකම ආදිය දක්වන්න පුලුවන්.

ඉතින් මෙම චිප්සෙට් එක හදුන්වා දුන්නෙ 2023 නිසා මෙහි නිසැකයෙන්ම AI විශේෂාංග අඩංගු වෙනව. මෙම AI විශේෂාංගය බොහොමයක් කැමරාව පාදක කරගෙන යොදා තිබෙනව. ඒ අතර අදුරු පරිසර තත්ව වලදී එහි ආලෝකය වැඩි කර ඡායාරූප ගැනීමට AI-based lighting adjustments සහ AI-enhanced background noise removal tool දක්වන්න පුලුවන්.

මෙම චිප්සෙට් එක සහිත දුරකතන මේ වසර අවසානයේදි වෙලදපොලට නිකුත් වෙනව. දැනට Redmi සහ vivo සමාගම් ඔවුන්ගේ දුරකතන වලට යොදාගැනීමට මෙම චිප්සෙට් එක ලබාගෙන ඇති බව වාර්තා වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...