Home Tech News social media Silo Episode 1 නොමිලේ Twitter හරහා ලබාදෙන Apple
social mediaTech NewsUpdates

Silo Episode 1 නොමිලේ Twitter හරහා ලබාදෙන Apple

Share
blank
Share

Apple සමාගම විසින් මෑතකදි Silo නමින් ටෙලිකතා මාලාවක් නිකුත් කරා. එය Drama, Mystery සහ Sci-Fi යන කාන්ඩ වලට අයත් වෙන ටෙලිකතාවක්. මෙම ටෙලිකතා මාලාවට සමගාමීව ඇපල් සමාගම විසින් නව වෙළද උපක්‍රමයක් බාවිතා කර තිබෙනව. ඒ තමයි මෙම Silo කතාමාලාවේ සම්පූර්න පලමු කතාංගය Twitter වෙත upload කර තිබෙනව. එමගින් තුන්වෙනි පාර්ශව මගින් මෙය ඩවුන්ලෝඩ් කර නොගෙන නොමිලේ මෙහි පලමු කතාංගය නරබන්න සියලු දෙනාටම දැන් පුලුවන්.

මීට මාස කිහිපයකට පෙර Twitter මගින් ඔවුන්ගෙ මුදල් ගෙවා ගිණුම් බාවිතා කරන පරිශීලකයන් සදහා longer video upload කිරීමේ හැකියාව ලබාදුන්න.

මෙම Silo කතාමාලාව Hugh Howey නම් ඇමරිකානු ලේඛකයාගේ නවකතාවක් ඇසුරෙන් නිපදවන ලද්දක්. මෙහි සිදුවන්නෙ ලෝක විනාශකයකින් පසු පෘථිවියේ  ඉතිරිව ඇති මිනිසුන් සියලු දෙනා Silo, එනම් තට්ටු 144 කින් යුත් භූගත බංකරයකට සීමා වී සිටින අතර එහි ඔවුන් ස්වයංපෝෂිත භූගත ප්‍රජාවක් ලෙස කටයුතු කරනව. මෙම Silo එකෙන් පිටත ලෝකය භයානක බව පුරවැසියන්ට කියා තිබෙනව. නමුත් සැබවින්ම ඉන් ඔබ්බට ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වෙනව.

මෙම කතාමාලාවේ දෙවෙනි කතාසමයකුත් පැමිනෙන බව ඇපල් සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබෙනව.

මෙම කතාමාලාව කතාංග නවයකින් යුක්ත වෙනව. Twitter වෙත පලමුවැන්න upload කර ඇති අතර අනෙක් කොටස් Apple TV+ ඔස්සෙ නැරබීමේ හැකියාව තිබෙනව. පලමු කතාංගය පහලින් නැරබිය හැක.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...