Home Tech News Events ඇමරිකානු සම්බාධක හමුවේ නොසැලෙන Huawei
EventsPhonesTech News

ඇමරිකානු සම්බාධක හමුවේ නොසැලෙන Huawei

Share
blank
Share

පහුගිය 2019 මැයි මාසයේ ඇමරිකානු Trump පාලනය චීනයේ Huawei සමාගම ඇමරකානු Black List එකකට එකතු කරා. මේකෙ ප්‍රධාන අරමුණ 5G තාක්ෂණයේ පෙර ගමන් කරුවා විදිහට Huawei සමාගමේ ගමන යම් තරමකට අඩාල කිරීම සහ Samsung සමාගම පසුකර Smart Phone වෙළද පොළ ජයගැනීම නවත්වන එක නම්, ඒ උත්සාහය අසාර්ථක බව දැන් පැහැදිලියි.

ඇමරිකානු Blacklist ගතවීමත් සමග huawei සමාගමට ඇමරිකානු සමාගම් වලින් hardware සහ Software Services ලබාගැනීමට තහංචි පැනවුනා. මේ නිසා Intel CPU / Qualcomm CPU වගේම broadcomm වැනි ආයතනවලින් ලබාගන්නා hardware වගේම තමන්ගේ Mate Series laptop සදහා ගන්නා Windows වගේම Smartphone වලට ලබාගන්නා Google Services සහිත Android Versions ලබාගැනීමටත් නොහැකි තත්වයක් උදා උනා.

මැයි මාසයේ සිට දින 180ක දිගු 2ක් හරහා දුන් සහන කාලයක් සමග Huawei සමාගම තමන්ගෙ 5G සහ Smartphone Sales වලින් පහතට යන ආකාරයක් ගැන බොහෝ දෙනා අනාවැකි පළ කලත් ඒ හැම දෙයක්ම අභිබවා Huawei සමාගම තමන්ගෙ ශක්තිය 5G සහ Smart Phone Sales වලින් පෙන්නුම් කරල තියෙනව.

SmartPhone කිරුළ කරා

Sales Figures වලට අනුව පහුගිය වසරේ Apple සමාගම පහුකරමින් දෙවන ස්ථානයට ආපු Huawei සමාගම 2019 දි පහුගිය 2018 වසරට වඩා දින 64කට කලින් තමන්ගෙ Smart Phone මිලියන 200 ක් Ship කරා කියල වාර්ථා කරා. 2020 දි Samsung සමාගම දැනට හිමි කරගෙන තිබෙන කිරුළ ලබාගැනීම Huawei සමාගමේ ඒකායන අරමුණ වෙනව.

කොහොම උනත් Samsung සමාගම 2019 තුන්වන කාර්තුවේදි 11%ක වර්ධනයක් පෙන්නුම් කරල තියෙනව, නමුත් huawei සමාගමේ 2019 තුන්වන කාර්තුවේ වර්ධනය 33%ක්.

5G සේවා සැපයීම

ඇමරිකානු Black list එකට කලින් තිබුන 28% 5G වර්ධනය Black ist එකෙන් පස්සෙ 29%ක් දක්වා වර්ධනයක් මිස අඩුවීමක් වෙලා නැහැ. මේ වනවිට Huawei සමාගමේ 5G තාක්ෂණය ලබාගන්නා සමාගම් 65ක්ම ඉන්නෙ යුරෝපයේ. ඉතින් ඇමරිකානු Black list එක යුරෝපයට එතරම් අදාල වෙලා නැති බවක් තමයි පේන්න තියෙන්නෙ.

දැනට ඇමරිකාවේ අදහසට එකග වෙමින් huawei 5G එපා කියන Germany සහ UK Huawei සමාගමට තම රටේ පහසුකම් සදහා දොරටු විවෘත කලහොත් මේ Black list කිරීම huawei සමාගමට 2020 දි ගැටළුවක් වෙන එකක් නැහැ.

මුලාශ්‍රය – Link

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...