ළමා ලිංගික අපයෝජන සම්භන්ද දැ (child sexual abuse materials-CSAM) සඳහා iCloud scan කිරීමේ සැලසුම් අනුගමනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ළමා ලිංගික අපයෝජනයට ගොදුරු වූවන් විසින් Apple සමාගමට නඩු පවරනු ලබන බව New York Times (NYT) සඟරාව වාර්තා කරයි. 2021 දී, Apple විසින් CSAM හඳුනාගැනීමේ tools මත වැඩ කරන බව නිවේදනය කරන ලද අතර එය එවැනි අපයෝජනයන් පෙන්වන images සලකුණු කර delete කර National Center for Missing and Exploited Children වෙතට දැනුම් දෙයි. නමුත් privacy ඇඟවුම් සම්බන්ධයෙන් සමාගම ක්ෂණික පසුබෑමකට ලක් වූ අතර අවසානයේ එය අතහැර දැමීය.
උතුරු කැලිෆෝනියාවේ සෙනසුරාදා (2024/12/07) ගොනු කරන ලද මෙම නඩුව, NYT ට අනුව, වින්දිතයින් 2,680 ක විභව කණ්ඩායමක් සඳහා ඩොලර් බිලියන 1.2 කට වැඩි හානියක් ඉල්ලා සිටී. Apple විසින් එහි සැලසුම් කර ඇති ළමා ආරක්ෂණ මෙවලම් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව, සමාගම එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට හෝ එහි උපාංගවල CSAM හඳුනා ගැනීමට සහ සීමා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වූ බවත්, images දිගින් දිගටම සංසරණය වීමත් සමඟ වින්දිතයින්ගේ හානියට හේතු වූ බවත් ප්‍රකාශ කරයි.
Engadgetසමඟ අදහස් බෙදාගත් Apple සමාගමේ ප්‍රකාශකයෙක් වෙන Fred Sainz පැවසුවේ, “ළමා ලිංගික අපයෝජන දේවල් පිළිකුල් සහගත වන අතර එසේ ලමුන්ව අවදානමට ලක් කරන පුද්ගලයන්ට එරෙහිව අප ආයතනය සටන් කරන බවයි. අපගේ සියලුම පරිශීලකයින්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වයට හානියක් නොවන පරිදි මෙම අපරාධවලට එරෙහිව සටන් කිරීමට අපි හදිසි සහ ක්‍රියාකාරීව විවිධ innovations මගින් උත්සහ කරන බවයි. CSAM ආරම්භ වීමට පෙර එය පැතිරීම වැලැක්වීමට උපකාරී වන ආරක්‍ෂාව ගොඩනැගීම කෙරෙහි අපි ගැඹුරින් අවධානය යොමු කර සිටිමු යන්න ඔහු ප්‍රකාශ කළේය.
මෙම නඩුව පැමිණෙන්නේ, දරුවන්ට කෲරත්වය වැළැක්වීම සඳහා එක්සත් රාජධානියේ ජාතික සංගමය (UK’s National Society for the Prevention of Cruelty to Children-NSPCC) විසින් CSAM අඩුවෙන් වාර්තා කිරීම සම්බන්ධයෙන් Apple සමාගමට චෝදනා කර මාස කිහිපයකට පසුව වීමද සුවිශේෂී කරුණකි.














Leave a comment