Home Tech News Phones අලුත් වූ ලොව වේගවත්ම Charging Speed එක.
PhonesTech News

අලුත් වූ ලොව වේගවත්ම Charging Speed එක.

Share
blank
Share

Charging Speed එක කියන්නෙ Chinese Smartphone brands වල ලොකු battleground එකක්. හැම අවුරුද්දෙම වගේ කලින් අවුරුද්දෙ තිබ්බ record එක අලුත් කරන්න එක එක brands උත්සහ කරනව අපිට බලාගන්න පුළුවන්. ඉතින් මේ 2021 අවුරුද්දෙ charging speed record එක අලුත් කරන්න Xiaomi ආයතනයට පුළුවන් වෙලා තියනවා. තව අවුරුද්දෙන් බාගයක්ම ඉතුරු වෙලා තිබ්බත් මේ speed එකට සම කරන්න කාටවත් පුලුවන් වෙයිද කියල හිතන්නනම් අමාරුයි. එච්චරටම speed මේක. Xiaomi ආයතනය මේ අලුත් project එක ගැන එයාලගෙ නිල twitter ගිණුමෙන් දැනුම් දීල තිබුන වීඩියෝ එකක් එක්කම.

මේ demo එකට Xiaomi ආයතන යොදාගෙන තිබුනෙ modify කරපු 4000mAh battery එකක් සහිත Mi 11 Pro දුරකථනයක්. මේ තාක්ෂණය Xiaomi ආයතනය හඳුන්වන්නෙ HyperCharge කියන නමිනුයි. වීඩියෝ එකේ විදිහට wired විදිහට charge වෙන්නෙ 200W බලයක් යොදාගෙන සහ wireless විදිහට charge වෙන්නෙ 120Wබලයකිනුයි.

මේ HyperCharge තාක්ෂණයෙන් wired විදිහට charge වෙන්න ගතවෙන්නෙ විනාඩි 8යි. ඒ අනුව බැටරියෙන් 10%ක් charge වෙන්න ගතවෙන්නෙ තත්පර 44යි, 50%ක් charge වෙන්න යන්නෙ විනාඩි 3ක් විතර. මේ තාක්ෂණයෙන් විනාඩි 8කින් 4000mAh බැටරියක් full charge වෙනවා. Wireless විදිහට charge වෙනකොට 10%ක් charge වෙන්න විනාඩියක් විතර තමයි ගත වෙන්නේ, 50%ක් charge වෙනව විනාඩි 7කින් වගේම 100% charge වෙන්න යන්නෙ විනාඩි 15යි.

නමුත් මේ වේගයන් එදිනදා consumer market එකේ දුරකථන වලට ලගඳි ඒවිද කියලනම් කියන්න බෑ, මොකද මේවගේ සුපිරි charging speed එකක් එක්ක එන අතුරු ප්‍රථිපලයක් තමා battery එකේ ආයුකාලය වේගයෙන් අඩු වීම. තවත් කාරණයක් තමයි මේ වගේ speed එකක් ලබාගන්නනම් ඒකට ගැලපෙනම cables සහ adapters අවශ්‍ය වීම. කොහොම උනත් කලින් කීව වගේ මේ speed එකට අභියෝග කරන speed එකක් ලඟදීම අපිට අනිත් manufactures ලගෙනුත් බලාගන්න පුලුවන් වේවි.

Share

5 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...