Home Tech News Explained VPN වලින් ලැබෙන ආරක්ෂාව
ExplainedsoftwareTech Newswebsites

VPN වලින් ලැබෙන ආරක්ෂාව

Share
blank
Share

පහුගිය සතියේ ශ්‍රී ලංකාවේ ආරම්භ වූ විරෝධතා සමග Social Media Ban කිරීමකට ලක්වූ අතර මේ නිසා VPN භාවිතය වාර්ථාගත ලෙස ඉහල ගිය බව වාර්ථා උනා. මෙය top10vpn.com වෙබ් අඩවිය වාර්ථා කරන විදිහට සියයට 17,000ක VPN Downloads වල වැඩිවීමක්.

පසුගිය ඉරිදාට එලිවීමත් සමග සිදුවූ මෙම Ban එකෙන් Facebook, whatsapp, youtube වගේම තවත් ජනප්‍රිය platforms මේ Ban එක හරහා වසා දැමුනු නමුත් පැය 15ක් වැනි කාලයක් තුලදී මෙය ඉවත් කරගැනීමට රජයට සිදුවුනා. මෙම ඉවත් කර ගැනීමට ප්‍රබල හේතුවක් උනේ VPN භාවිතා කරමින් මෙම සේවා ලබාගත් පුරවැසියන්ගේ Hashtags වෙනත් රටවල Trending වීමයි.

දිනකට ශ්‍රී ලංකාවෙන් සිදුවූ සාමාන්‍ය 300ක පමන “VPN keyword search” එක දිනකට keyword search 28000ක් දක්වා වැඩිවීමක් වාර්ථා වී තබෙන බවයි top10vpn.com හි ප්‍රකාශක Simon Migilano පවසා ඇත්තේ. මේ සමගම VPN කියන්නෙ මොකක්ද? වගේම මේ හරහා ලැබෙන වාසි ගැනත් නොදැන VPN භාවිතයේ හානි ගැනත් පැවසීමට අවශයයි.

VPN හි තේරුම Virtual Private Network. මෙහි Virtual කියන කොටස ඉවත් කලොත් Private Network කියන කොටස ඔබට පහසුවෙන්ම තේරුම් යාවි. ඔබ හැමෝටම පොදු ජාලයක ඉන්නවනම් (Internet) එහිදී ඔබගේ තොරතුරු තවත් කෙනෙකුට ලබාගන්න පුළුවන් ක්‍රම තියෙනව. නමුත් ඔබ ඔබටම නිවස කාර්යාලය සහ තවත් කොටස් යා කරල network එකක් හැදුවොත් අනික් අයට ඔබ කරන්නෙ මොනවද කියල හොයන්න බැහැ.

නමුත් අපි දන්නව සාමාන්‍ය කෙනෙකුට Cable, Router, Signal Poles වලට වියදම් කරල අපේම Private Network එකක් හදන එක කරන්න බැරි වැඩක් කියල. Virtual Private Network – VPN කියන Solution එක එන්නෙ මෙතනදි. VPN එකේ Virtual කියන “සිංහලෙන් අතත්‍ය” කොටසෙන් කියවෙන්නෙ ඇත්තටම නොපවතින එහෙමත් නැත්නම් පරිගණක පද්ධතියක් තුල Simulate කල පෞද්ගලික ජාලයක් කියන තේරුම.

VPN එකකින් සිදු කරන්නෙ දැනට පවතින විශාලතම Network එක වෙන Internet එක භාවිතා කරල ඒ තුලින් Private Network එකක් නිර්මාණය කරන එක. මෙ සදහා Tunneling protocols, Encryption භාවිතා වෙනව වගේම VPN එක භාවිතා කරන user කෙලින්ම VPN සේවාව සපයන Server එකකට සම්බන්ධ වෙලා අන්තර්ජාලය එක්ක සම්බන්ධ වන නිසා ඔහුගේ හෝ ඇයගේ පරිගණකයට (Phone, Desktop, Laptop) විශේෂිත වන (unique) වෙන වන IP Address (Internet protocol Address) එක පවා වෙනස් වෙලා තමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නෙ.

මේ විදිහට ඔයාගෙ Computing Device එක VPN එකක් හරහා වෙනත් සේවාවන් (Social media, websites, banks) හා සම්බන්ධ වෙද්දි එම සේවාවන් මේ Device එක වෙනත් රටකින් සම්බන්ධ වෙනව කියල තමයි ගණන් ගන්නෙ. මේ හරහා අපට වැසි සහ අවාසි සිදුවෙන්න පුළුවන්.

වාසි

  • අනන්‍යතාවය ආරක්ෂා වීම
  • Encryption සහ Tunneling නිසා තොරතුරු වල ආරක්ෂාව
  • Internet Block, Ban වලින් මිදී සිටීමට හැකියාව
  • රටවල් සදහා block කර ඇති සේවාවන් ලබා ගැන්මට හැකියාව

අවාසි

  • VPN සපයන්නා විසින් ඔබේ සම්පූර්ණ තොරතුරු කියවීමට Store කර ගැනීමට ඇති හැකියාව – Password ඇතුළුව.
  • Social Media, Banking Accounts Block වීමට ඇති හැකියාව
  • නොදන්නා සේවා සපයන්න් මගින් ලබා දෙන App – Software හරහා Malware පැතිරීම

මේ හේතුව නිසා VPN එකක් භාවිතා කිරීමේදී එම සේවාව සපයන්නා ගැන දැනගෙන සිටීම වැදගත් වෙනව. හැමවිටම මතක තබාගත යුුතු දෙයක් තමයි නොමිලේ සේවාවක් සපයනවා නම් ඒ වෙනුවට ඔබේ තොරතුරු එක්රැස් කිරීමක් සිදුවිය හැකි බව. මේ නිසා Free VPN සපයන සමාගම් වලින් ඔවුන් ලබාදෙන සේවාවේ සදහන් කොන්දේසි ගැන දැනුවත් වීම ගොඩක් හොදයි.

NordVPN කියන්නෙ දැනට තිබෙන VPN සේවාවන් වලින් ඉහලම ස්ථානයක Rank වෙලා තියෙන VPN සේවාවක්. මේ Link ඒක හරහා ඔයාටත් NORDVPN එක ලබාගන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...