Home Tech News OS App Size එක අඩු කරන Android auto-archive
OSsoftwareTech News

App Size එක අඩු කරන Android auto-archive

Share
Share

පසුගිය වසරේ නිවේදනයක් නිකුත් කර Google සමාගම මේ වසරෙදි නව විශේෂාංගයක් නිකුත් කරන්න සූදානම් වෙනව. ඒ Android දුරකතන වල තිබෙන බාවිත නොකරන ඇප් වල ප්‍රධාන කොටස් ඉවත් කර දුරකතනයේ ඉඩ ඉතිරි කර දෙන විශේෂාංගයක්. මෙය auto-archive කිරීම ලෙස හදුන්වනව.

මෙමගින් ඇප් වල ප්‍රධාන කොටස් ඉවත් කරන අතර එමගින් පෞද්ගලික දත්ත වලට හානියක් වෙන්නෙ නැහැ. ඉතින් මේ ආකාරයට ඉවත් වුන ඇප් එකක් නැවත ලබාගැනීමට කල යුත්තෙ නැවත ඇප් ස්ටෝර් එක වෙත ගොස් එම ඇප් එකෙන් ඉවත් කල කොටස් re-download කරගැනීමයි. Google සමාගම පවසන ආකාරයට මෙමගින් ඇප් එකෙ ඉඩෙන් 60% පමන ඉතුරු කරගන්න හැකි වෙනව.

මෙම auto-archive විශේෂාංගය ඔබේ දුරකතනයේ අවශ්‍ය තරමට ඉඩ ඉතුරු වී නොමැති නම් හා ඔබ එහිදී වෙනත් ඇප් එකක් install කරන්න යන්නේ නම් එවිට ක්‍රියාත්මක වෙනව. මෙය දුරකතනයේ ඇති බාවිතා නොකල ඇප්ස් සදහා කිරීමට අවශ්‍ය නම් settings වල ඇප්ස් වලට ගොස් දීර්ඝ කාලයක් බාවිතා නොකල ඇප්ස් තෝරාගෙන auto-archive කරන්න පුලුවන්.

මෙම විශේෂාංගය අලුත් දෙයක් නෙවෙයි. ඇපල් දුරකතන වල මෙය iOS 11 වල ඉදන් තිබුන විශේෂාංගයක්. නමුත් Android auto-archive වල තිබෙන විශේෂත්වය වන්නෙ මෙය සියලුම low-end මාදිලි සදහාත් සහය දැක්වීමයි.

Google සමාගම පවසන ආකාරයට මෙය ඇප් සංවර්ධකයන් සදහාත් වැදගත් වෙන විශේෂාංගයක්. පරිශීලකයෙක් ඇප් එකක් බාවිතා නොකර සිටින්නෙ එය එතරම් සිත් ඇදගන්නාසුලු නොවීම හෝ වෙනත් කරුනක් නිසාවෙනි. එබැවින් සංවර්ධකයන්ට එම අඩුපාඩු බලා ඔවුන්ගෙ ඇප් හොදින් සංවර්ධනය කරන්න මෙමගින් අවස්තාව සැලසෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...