Press ESC to close

AMD සමාගමෙන් Budget එකට RYZEN CPU 2ක්

AMD සමාගම අළුත් RYZEN CPU මාදිලි 2ක් මැයි මාසයේ නිකුත් කරනව. Quad Core විදිහට නිකුත් වෙන මේ CPU දැනට Gaming සදහා ඇති Sweet spot එක ලබාගනු ඇති බවට බොහෝ දෙනා මත පල කරනව.

Get Your Site Up with A2 Hosting

65 TDP එක යටතේ Overclock කිරීමේ හැකියාව සහිතව නිකුත් වෙන මේ CPU වල මිළ ගණන් පිළිවෙලින් RYZEN 3 3100 – $99 සහ RYZEN 3 3300X – $120ක් ලෙස නම් කර තිබෙනව. එනම් මේ CPU 2කම බොහෝ විට රුපියල් 30,000 කට අඩුවෙන් මිලදී ගැනීමට හැකිවේවි.

ModelRYZEN 3100RYZEN 3300X
Cores / Threads4/84/8
Base Clock3.6GHz3.8GHz
Boost Clock3.6GHz4.3GHz
TDP65W65W
RAM Speed3200MHz3200MHz
PCI e 4.04.0
L3 Cache16MB16MB

Gaming, Video Editing සදහා දැනට ලබාගත හැකි RYZEN APU හා සංසන්දනය කිරීමේදී මේ Options දෙක ඉතාමත් හොද නව තරගකරුවන් ලෙස intel i3 සහ i5 වෙනුවට යොදාගත හැකි වෙනවා. වැඩි වේගයක් වැඩි Cache memory එකක් වැඩි RAM Speed එකක් support කරන නිසා ගෙවන මිලට හොද Performance එකක් මේ හරහා ලබාගත හැකි වනු ඇති. කොහොම වෙතත් ඉදිරියේදි මේ ගැන වැඩි තොරතුරු අපගේ youtube Channel එක හරහා ගෙන ඒමට බලාපොරොත්තු වෙනව.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (9)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *