Press ESC to close

Rocksteady සමාගමේ නවතම Suicide Squad පරිගණක ක්‍රීඩාව

දිගු කාලයක් තිස්සේ Rocksteady සමාගම විසින් සංවර්ධනය කරගෙන පැමිනි Suicide Squad: Kill the Justice League පරිගණක ක්‍රීඩාව දැන් නිකුත් වෙන දිනය පිලිබදව නිවේදනය කර තිබෙනව. එම සමාගම පවසා තිබුනේ 2023 මැයි 26 වන දින සිට මෙම ක්‍රීඩාව ලබාගත හැකි බවයි.

මෙහි gameplay සහ story trailer එක නිකුත් කර අවසන්. එහි දැක්වෙන ආකාරයට ක්‍රීඩාවේ චරිත වලට ප්‍රසිද්ධ හඩකැවීම් ශිල්පීන් යොදාගෙන තිබෙනව. මෙම ක්‍රීඩාවේ Suicide Squad සමග Batman අතර ඇතිවන ගැටුමක් ඇති අතර එහි Batman සදහා හඩකැවීම් කරන්නෙ මෑතකදී මියගිය Kevin Conroy විසින්ය.

Get Your Site Up with A2 Hosting
Suicide Squad Official gameplay trailer

මෙම Suicide Squad: Kill the Justice League තුල පෙර සිදු වූ ආකාරයට Superman සහ වෙනත් ප්‍රධාන DC Comic චරිත මෙන් මෙවර Batman මෙහි ප්‍රධාන සතුරා විදියට සිටිනව. එහි ඔහුට එරෙහිව සටන් කිරීමට ක්‍රීඩකයාට Harley Quinn, DeadShot, King Shark, සහ Captain Boomerang යන චරිත ලැබෙනව.

මෙම පරිගණක ක්‍රීඩාව PC, PS5, සහ Xbox Series සදහා නිකුත් වෙනව. කෙසේ නමුත් Rocksteady සමාගමට Batman: Arkham වෙතින් ලබාගත් කීර්තිනාමය දිගටම පවත්වා ගැනීමට හැකිවේදැයි කීමට තවමත් කල්වැඩිය. Suicide Squad: Kill the Justice League ක්‍රීඩාව නිකුත් කිරීම මීටපෙර වසර තුනකින් කල් දැමීමෙන් පසුවයි එය ලබන වසරේදී නිකුත් නව බව එම සමාගම කියා සිටින්නෙ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *