Home Tech News Amazon Appstore මගින් පැතිරෙන Malware එක
Tech News

Amazon Appstore මගින් පැතිරෙන Malware එක

Share
blank
Share

‘BMI CalculationVsn‘ නම් apyware ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග යෙදුමක් Amazon Appstore හි සොයා ගන්නා ලදී, එය සරල සෞඛ්‍ය app එකක් ලෙස වෙස්වළාගෙන නමුත් උපාංගවලින් දත්ත සොරකම් කරයි.

එම app එක සොයා ගන්නා ලද්දේ McAfee Labs පර්යේෂකයන් විසිනි. Amazon වෙත දැනුම් දුන් අතර, යෙදුම amazon app store වෙතින් ඉවත් කෙරීය.

Amazon Appstore යනු Amazon Fire ටැබ්ලට් සහ Fire TV උපාංගවල pre-installed කර ඇති Android උපාංග සඳහා වන third party app storage එකකි.එය සුවිශේෂී Amazon Prime ක්‍රීඩා සහ අන්තර්ගතයන් පවා පිරිනමමින් Google භාවිතා කිරීමට නොහැකි හෝ අකමැති Android උපාංග හිමිකරුවන් සඳහා Google Play සඳහා විකල්පයකි.

‘PT Visionet Data International’ විසින් ප්‍රකාශයට පත් කරන ලද BMI CalculationVsn spyware app එක සරල ශරීර ස්කන්ධ දර්ශක (BMI) ගණක tool එකක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. App එකේ වැඩ සිදු කරන අතරතුර spyware ක්‍රියාකාරකම් පසුබිමින් අදාල user ට නොදැනී සිදු වේ.

Source: McAfee

පර්යේෂකයන් විසින් එහි මුදා හැරීමේ ඉතිහාසය තව ටිකක් හාරා බැලීමෙන් පෙනී ගියේ app එක ප්‍රථම වරට ඔක්තෝබර් 8 වන දින වනයේ දිස් වූ බවයි. මාසය අවසන් වන විට, එය එහි icon වෙනස් කර, තවත් අනිෂ්ට(malicious) කාර්යයන් එකතු කර, සහ පෙර සහතික කල තොරතුරු වෙනස් කර ඇත.

අවසාන වශයෙන්, Spyware එක වර මුරපද (OTPs) සහ verifivation codes ඇතුළුව, උපාංගයේ යවන ලද සහ ගබඩා කර ඇති SMS පණිවිඩ බාධා කර store කර ගන්නා බවයි.

මෙවන් apps තවත් ඉදිරියට වෙනත් නම් වලින් පැමිණීමට ඉඩකඩ ඇත. එම නිසා publisher තරමක් දන්නා හෝ යම්කිසි මට්ටමකින් අන්තර්ජාලය තුල සොයා බලා download කර ගැනීම වඩාත් හොඳය.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...