Home Tech News Ai ඉදිරියේදී නොමිලේ ලබාදුන් සේවය නවත්වන Midjourney
AisoftwareTech News

ඉදිරියේදී නොමිලේ ලබාදුන් සේවය නවත්වන Midjourney

Share
blank
Share

Midjourney වෙතින් මේ වෙනකන් free trial විදියට ලබාදුන්න සේවය 2023 අප්‍රේල් මස මුල් සතියේ සිට නවත්වන බව දැනුම් දී තිබෙනව. ඒ සමහර පරිශීලකයන් මෙය අවභාවිතා කිරීම නිසා. ඔවුන් මේ යෙදුම පාවිච්චි කරල ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ deepfakes නිර්මානය කරල තියනව.

මෙම සමාගමේ CEO David Holz පවසා තිබුනේ අධික ඉල්ලුම සහ සේවය අවභාවිතා කිරීම යන කරුනු නිසා free trials නවත්වන බවයි. දැන් ඉදන් මේ සේවය බාවිතා කරන්න නම් මසකට $10ක් ගෙවීමට සිදුවෙනව. පසුගිය සති කිහිපයෙදි Midjourney පිළිබද වැඩියෙන් කතාබහට ලක් වුනා. ඒ Donald Trumpගෙ සහ Pope Francisගෙ deepfakes නිර්මානය කර තිබීම නිසා.

Midjourney වල මේ වනවිටත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමේ ගැටලුවක් පවතින බව පිළිගෙන තිබෙනව. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ මුහුනු යොදාගෙන deepfakes නිර්මානය කර ඒවා ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් ඇත්තේ මේ හේතුවෙන්. එම නිර්මාන ප්‍රසිද්ධ කර සුලු වෙලාවකින් ඒවා ඉවත් කරත් පෙර ගැටලුව තවමත් පවතින බව සමාගමේ CEO පිළිගෙන තිබෙනව. මෙය අවභාවිතය අවම කලහැකි ලෙසින් ඔවුන්ගේ ප්‍රතිපත්ති වැඩිදියුනු කරන බව ඔහු තවදුරටත් පවසා තිබුන.

සමහර සංවර්ධකයින් මෙම අවභාවිතාවන් වලක්වා ගැනීම සඳහා දැඩි නීති අනුගමනය කර තිබෙනව. උදාහරණයක් ලෙස OpenAI මගින් දැනට පවතින දේශපාලන සිදුවීම්, කුමන්ත්‍රණ න්‍යායන් සහ දේශපාලඥයින්ගේ ඕනෑම රූපයක් තහනම් කර තිබෙනව. ඒවගේම එහි වෛරය, ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය ඇතුලත් අන්තර්ගතයන්ද තහනම් කර තිබෙනව.

AI image production වල තිබෙන එකම ගැටලුව නොමඟ යවන අන්තර්ගතයන් ඇතුලත් වීම පමනක් නෙවේ. පින්තූර සොරකම් කිරීම සහ ඒවා reference නොමැතිව පළකිරීමත් මෙහි දක්නට ලැබෙනව. කොහොමවුනත් බොහොමයක් සමාගම් දැන් කුමක් හෝ AI පාධක වැඩසටහනක් බාවිතා කරන්න යොමු වෙලා ඉන්නව. මෙම AI පාධක වැඩසටහන් තවමත් ඒවායෙ මුල් අවධියේ තිබෙන නිසා නිරාකරණය කරගැනීමට ගැටලු රැසක් තවමත් ඉතුරු වී තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...