Home Tech News Instagram සඳහා AI Editing Tool එකක්
Tech News

Instagram සඳහා AI Editing Tool එකක්

Share
blank
Share

AI භාවිතයෙන් වීඩියො එඩිට් කරන්න පුලුවන් අලුත් විශේෂාංගයක් Instagram වෙතින් හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. මේ විශේෂාංගයෙන් පරිශීලකයන්ට text prompt එකක් ලබාදී අවශ්‍ය එඩිටින් කරගන්න පුලුවන්. Instagram වල ප්‍රධානියා වන Adam Mosseri විසින් මේ විදියට එඩිට් කරපු වීඩියො එකක් ප්‍රසිද්ධ කර තිබුනා.

මේ එඩිට් කරන්න යොදාගන්න AI model එක වෙන්නෙ Meta සමාගමේ Movie Gen model එක. සමාගම පවසන විදියට මේ විශේෂාංගය ප්‍රසිද්ධ කරන්නෙ බොහෝවිට ලබන වසරෙ මුල් මාස වලදීයි. 

AI model එක භාවිතා කරල පරිශීලකයන්ට තමන්ගෙ වීඩියෝ වල ඇදුම්, background environment එක, jewelry එක් කිරීම වගේම සම්පූර්නයෙන්ම වීඩියො එකෙ පෙනුම වෙනස් කරගන්න පුලුවන්. සමාගමේ ප්‍රධානියා වන Mosseri ප්‍රසිද්ධ කර තිබුණු වීඩියෝ එකට අනුව ඔහු එක කොටසක හිම වැටෙන පරිසරයක සිටිනව වගෙ පෙනෙන අතර අනෙක් කොටසේදී ඔහු රූකඩ කාටූනයක ස්වරූපයෙන් දිස් වෙනව.

Meta සමාගමෙන් මේ ආකාරයේ වීඩියෝ එඩිටින් ටූල් එකක් නිකුත් කලේ OpenAI සමාගමේ Sora සහ Adobe සමාගමේ Firefly නිකුත් කලාට පස්සෙ. කොහොමවුනත් තවමත් Meta සමාගමේ කිසිදු ඇප් එකක මේ මොඩ්ල් එක තවමත් භාවිතා කරන්න හැකියාව දීලා නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...