Press ESC to close

8th Gen i7 8700k Build එකක් හදමු

මේ අපේ 2වෙනි Customer / Custom build එක. මේ build එකේ parts තෝරගද්දි තාරක එයාට ලැබුන budget එක අනුව එයාගෙ වැඩවලට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් Over clock කරන්න පුලුවන් build එකක් තමයි සැලසුම් කරල තියෙන්නෙ .

Get Your Site Up with A2 Hosting

Build එකට සම්පූර්ණ දේවල් ටික තාරක ගත්ත. මෙතනදි මම build එක කරන්න ඕන parts ටික විතරයි එතනින් ගත්තෙ. ඔයාගෙ Build එකත් විස්වාශවන්තව මේ විදිහට කරන්න අවශ්‍යනම් Facebook page එකට message එකක් එවන්න. (මේ build එකට ගත්ත හැම part එකකම box sets, Casing එකේ extra nuts, Motherboard, Graphic card Stickers, connectors හැම එකක්ම build එකත් එක්කම බාරදුන්න)

CPU – Core i7 8700k unlocked

මේ CPU එක Cores 6ක් තියෙන threads 12ක් තියෙන over clock කිරීමේ පහසුකම් තියෙන CPU එකක්. මේකෙ සම්පූර්ණ විස්තරය බලන්න මෙතනින්

Motherboard – MSI Z370 GAMING M5

intel 8th gen එකේ මුලින්ම ආපු Z series එකේ motherboards වලින් MSI Z370 Gaming M5 එක තමයි මේ build එකට තෝරගෙනතියෙන්නෙ. මේ board එකේ SLI වගේම M2 slots 2ක්, FAN headers වැඩි ගණනක් වගේම MSI mistiqe lighting සහ RGb headers වගේ Ethusiast දේවල් ගොඩක් තියෙනව.

GPU – MSI GTX 1050 Ti – Gaming X 4GB

තාරක මේ build එකට දැනට පාවිච්චි කරන්නෙ GTX 1050 Ti එකක්. මේක ඉදිරියෙදි GTX 1080 එකකට upgrade කරන්න තමයි plan එක. 2018 වෙද්දි 1080p වලින් දැනට තියෙන games ගොඩක් High – ultra balance එකකින් ගහන්න මේ Card එකේන පුලුවන්.

RAM – ADATA SPECTRIX D40 8GB3000

intel XMP profile එක support කරන 3000Mhz දක්වා Overclock කරන්න පුලුවන් ADATA 8GB stick එකක් තමයි Build එකේ තියෙන්නෙ. මේක RGB controlable LED තියෙන performance වගේම Lighitng තියෙන RAm එකක්.

Cooler – Corsair H60

 

intel K series CPU වලට stock cooler එකක් එන්නෙ නැහැ.  මේ නිසා හැමවෙලේම K series build එකකට aftermarket cooler එකක් ගන්න වෙනව. මේ build 2එකේදි  අපි ගත්තෙ Corsair H60 liquid cooler එකක්. ගොඩක් අය හිතනව මේකෙ තියෙන්නෙ වතුර කියල. ඒ වගේම ලේසියෙන් leak වෙයි කියල. නමුත් මේක Seal type විශේෂ coolent එකක් තියෙන unit එකක්. ඒ වගේම තමයි අලුතින් එන H60 cooler එකේ එන්නෙ Backplate එකයි AMD A4 වලට ඕන කරන clip දෙකකුයි විතරයි. කලින් H60 වලදි නම් ගොඩක් back plates, clip types ආව.

PSU – Corsair VS550

Build එකේදි පාවිච්චි කරපු GTX 1050 Ti card එකට 400w PSU එකක් හොදටම ඇති. හැබැයි මේ build එකේදි පාවිච්චි කරල තියෙන intel 8700K CPU එක නිසා Overclocking වලදි ඕන වෙන power එකට වැඩි වාසියක් තියන්න වෙනව. නැත්නම් OC කරද්දි Blue screen එන්න, system restart වෙන්න වගේ දේවල් වෙන්න පුලුවන්.

Boot drive – Samsung 860 EVO M2

මේ වගේ cutting edge system එකකදි අනිවාර්යෙන්ම boot drive එක විදිහට SSD එකක් එහෙමත් නැත්නම් M2 SSD එකක් පාවිච්චි කරන එක සෑහෙන වැදගත්. මොකද කිව්වොත් අපේ Computers වල තියෙන (අනික් componants එක්ක ගත්තම) හෙමින්ම වැඩ කරන කොටස කමයි hard disk එක. මේ නිසා System එකේ අනෙක් parts කොච්චර speed උනත් HDD එකේ Data speeds අනුව මුලු system එකම bottleneck වෙනන් තියෙන ඉඩකඩ බොහොම වැඩියි.

HDD – Seagate Baracuda 1TB

Build එකේ main storage විදිහට 1TB Hard drive එකක් තෝරගෙන තියෙනව. Hard Drive එකක් තෝරද්දි RPM එක සහ Cache එක ගැන අවධානය යොමු කරන එක වැදගත්. 7200RPM එකක් සහ 64MB cache එකක් කියන්නෙ හොද balance එකක්.

Casing – corsair crystal 570x

Build එකට අපි ගත්තෙ corsair crystal 570x black casing එක.මේ Casing එක 360 transparent design එකක් තියෙන Dust filters තියෙන ඒ වගේම Casing එකත් එක්කම Full RGb fan 3ක් එන හොදට ඉඩකඩ වගේම cable routing වලට පහසුකම් තියෙන Casing එකක්.

 

Video එකක් එක්ක ඒ ගැන ලිපියක් තියෙද්දි ඒක පහසුවක්ද?

මිල ගණන්

PartPrice (LKR)
CORE I7-8700K62,000.00
MSI Z370M45,000.00
SPECTRIX D40 8GB19,000.00
MSI GTX 1050Ti GAMING X35,500.00
Razer Cynosa Pro+DeathAdder10,300.00
Barracuda 1TB8,000.00
Master PRO RGB 1203,500.00
RAZER GOLIATHUS CTRL FISSURE M4,000.00
CORSAIR H6013,500.00
ASUS 24" VZ249H27,000.00
Corsair Crystal 570X36,000.00
CORSAIR VS55010,000.00
RAZER KRAKEN V215,700.00
HDMI OEM 1.5M1,000.00
Total290,500.00

 

ඔයාට මේ Build Video එක ගැන කියන්න තියෙන දේ Comment section එකේ ලියන්න අමතක කරන්න එපා.

මේ Build Video එක ගැන ඔයාගෙ අදහස

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (14)

Your email address will not be published. Required fields are marked *