Home Tech News ක්‍රියාවිරහිත වෙන Spotify Mod ඇප්
Tech News

ක්‍රියාවිරහිත වෙන Spotify Mod ඇප්

Share
blank
Share

විවිධ පරිශීලකයන්ගේ Spotify ඇප් එක එක්වරම වැඩකරන එක නතර වෙලා තිබෙනවා. බොහොමයක් පරිශීලකයන් මේ ගැන පැමිනිලි කරලත් තියනවා. නමුත් Spotify නිළ වශයෙන් නිකුත් කරල තියන ඇප් එක භාවිතා කරන කිසිම පරිශීලකයෙකුට මේ ගැටලුව ඇතිවෙල නැහැ. මේ විදියට වැඩ කිරීම නතර වෙලා තියෙන්නෙ Spotify mod ඇප් භාවිතා කරන පරිශීලකයන්ගේයි.

බොහොමයක් ඇප් වල මිලදී ගැනීමේ සංස්කරණ හදුන්වාදීල තියනවා. ඒවගේම ඒ මිලදී ගැනීමේ සංස්කරණ ලබාදෙන්නෙ නොමිලේ දෙන සංස්කරණයට වඩා විශේෂාංග රැසක් සහිතවයි. ඒත් බොහෝදෙනෙක් මේ විදියට මුදල් ගෙවා මේ සේවාවන් භාවිතා කරන්න කැමැත්තක් දක්වන්නෙ නැහැ. ඒවගේම නොමිලේ සංස්කරණ වෙලද දැන්වීම් සහිතව භාවිතා කරන්නත් අකමැති නිසා එම පිරිස් mod ඇප් භාවිතා කරන්න පෙලබෙනවා. මේ ඇප් බොහෝවිට තුන්වැනි පාර්ශවයන් විසින් crack කර අන්තර්ජාලයට මුදාහරින ඇප්. මේවා භාවිතා කරන්න කිසිසේත්ම අනුමත නොකරන්නෙ විවිධ වෛරස් දුරකතනයට පැමිනීමේ හැකියාවක් තිබෙන නිසා.

ඉතින් Spotify සමාගම මේ විදියට පරිශීලකයන් භාවිතා කරන mod ඇප් ක්‍රියාවිරහිත කරමින් සිටිනවා. මුලින්ම නොවැම්බර් 26 වෙනිදා X, Reddit සහ Instagram තුල පරිශීලකයන් රැසක් ඔවුන්ගේ Spotify ඇප් ක්‍රියාවිරහිත වුනු බවට අදහස් දක්වල තියනවා.

Spotify සමාගම මේ විදියට mod ඇප් ක්‍රියාවිරහිත කරන්න ආරම්භ කරල තියෙන්නෙ Spotify Wrapped 2024 event එක ආරම්භ වෙන්න ආසන්න කාලයක වීම විශේෂත්වයක්. කොහොමවුනත් දැන් mod ඇප් භාවිතා කරන සියලුදෙනාටම Spotify ඇඩ් සහිත නොමිලේ දෙන සංස්කරණය හෝ මුදල් ගෙවා භාවිතා කරන සංස්කරණයක් ලබාගන්න සිදුවෙනවා. මිලදී ගැනීමේ සංස්කරණ පහත මිල ගනන් යටතේ ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...