Home Tech News Phones රහසේ නිකුත් කල Google Pixel 5a
PhonesTech News

රහසේ නිකුත් කල Google Pixel 5a

Share
blank
Share

අපි හුග දෙනෙක් දැනටමත් දන්න දෙයක් තම‍‍යි Google ආයතනයෙ අලුත්ම flagship දුරකථනය Pixel 6 ගැන. තව ටික දවසකින් ඒ දුරකථනය release වේවි. ඒත් එක්ක Google ආයතනයෙ අලුත්ම mobile chip එක වෙන “Tensor” හඳුන්වල දෙන්නත් සූදානමෙන් ඉන්නෙ. ඒ ගැන අපි කලින් කතා කරා. මේ උණුසුම අතරෙ Google ආයතනයෙ mid-range phone එක වෙන Pixel a series එකේ අලුත්ම දුරකථනය සද්දයක් නැතුවම release කරල තියනවා. ඒ Google Pixel 5a.

වැඩේ කියන්නෙ මේ අලුත් Pixel 5a දුරකථනය පිටතින් වගේම ඇතුලතිනුත් 4a එකට හුඟක් සමානයි. අලුත් model එක පොඩ්ඩක් ලොකුයි. මේ අලුත් දුරකථනයේත් chipset එක වෙන්නෙ Pixel 5 සහ 4a වල පාවිච්චි කරපු Snapdragon 765G chip එකමයි. මේකෙ Pixel 5 වල දකින්න ලැබුන wireless charging, 90Hz refresh rate වගේ දේවල් නෑ. නමුත් middle range දුරකථනයක් වෙන මේකෙ මිල ඇමරිකානු ඩොලර් 449යි. ඒක මීට කලින් release උන Pixel 4a දුරකථනයේ මුල් කාලෙ මිල වෙච්ච ඩොලර් 499 ට වඩා අඩු ගණනක් වීම විශේෂයි.

අලුත් Pixel 5a දුරකථනය එන්නෙ එක පාටකින් විතරයි. ඒක Google හඳුන්වන්නෙ “Mostly Black” කියලයි. මේක කලු පාටට වඩා තද කොල පාටකට හුරුයි. ආලෝකය වැටෙන විදිහ අනුව මේක කලු පාටට පේන්නත් පුලුවන්. Pixel 5a එකට තියෙන්නෙත් 5 එකේම camera setup එකක්. fingerprint sensor එක සහ unibody design එකත් සමානයි. Pixel 5 එකේ තිබ්බ 4080mAh බැටරියට වඩා විශාල බැටරිටයක්නම් Pixel 5a එකේ තියනවා, ඒ 4680mAh ධාරිතාවයකිනුයි. 60Hz display එකත් එක්ක මේ බැටරිය තියන නිසා වඩා වැඩි කාලයක් මේ අලුත් දුරකථනය පාවිච්චි කරන්න හැකියාව ලැබේවි.

Display එකේ තියන hole-punch cut out එකේ 8MP f/2.0 ක front-facing camera එකක් තියනවා. මේකත් Pixel 5 වලට එක camera එකමයි. mid range එක ඉලක්ක කරගෙන මේ phone එක තියන නිසා headphone jack එකකුත් මේ අලුත් model එකේ අන්තර්ගත වෙනවා. Pixel 5a දුරකථනය 5G වලට සහය දක්වනව වගේම 8GB Ram ධාරිතාවයකිනුත් සමන්විතයි.

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...