Home Tech News software නැතිවෙන Phone වලට වැටබදින Prey
software

නැතිවෙන Phone වලට වැටබදින Prey

Share
Share

Smart phone එකක් කියන්නෙ හැම දෙනාම එදිනෙදා පාවිච්චි කරන අත්‍යවශ්‍ය device එකක්. Phone numbers වලින් පටන් ගත්තම photos, තමන්ගෙ  bank cards වල PIN වගේ අත්‍යවශ්‍ය දේවල් වගේම අතිශය පෞද්ගලික දේවලුත් මේ පුංචි communication device වල තියාගන්න අපි පුරුදු වෙලා. ඉතින් මේ phone එකක් බැරි වෙලාවත් නැති උනොත්!  ඒ ගැනයි අද ලිපියෙන් කතා කරන්න යන්නෙ.

Smart Phone වලටම හදපු ගොඩක් Anti theft apps හොයාගන්න ඕනම කෙනෙකුට පුලුවන්. ඒත් මේ Apps ගොඩක් වෙලාවට Phone එකේ battery වගේම system resources (CPU cycles, RAM) ගොඩක් පාවිච්චි කරන නිසා smart phone එක slow වෙන්න, battery ඉක්මනින් බහිනව වගේ ප්‍රශ්න එනව. ඒ වගේම සමහර apps වැඩිපුර features activate කරන්න සල්ලි දීල pro version ගන්න කියලත් කියනව. මේ හැම දේටම විසදුමක් තමයි Prey!

Prey කියන්නෙ FREE Anti Theft software එකක්. මේක Windows Desktop, Android, iOS, Linux වලට නිකුත් වෙලා තියෙනව. (Windows Phone වලට නැහැ)

මේකෙ තියෙන features වෙන්නෙ

  • නැතිවෙච්ච devices tracking පහසුකම
  • Alarm එකක් activate කරන්න පුලුවන්
  • screen එකේ message එකක් display කරන්න පුලුවන්
  • Phone එක Lock Down කරන්න පුලුවන්
  • phone camera එක access කරල photos ගන්න පුලුවන්. (තියෙන තැන හරි ගත්ත කෙනාගෙ හරි)
  • Phone එක Erase කරන්න පුලුවන් වීමයි.
  • Phone එකෙන් මේ App එකේ icon එක හංගන්න පුලුවන්

Android play store, Apple app store හරහා මේ App එක ඔයාලගෙ Android, Apple device එකට install කරගන්න පුලුවන්. install කරගත්තට පස්සෙ මේකට අලුත් Account එකක් හදා ගන්න. ඒකට ඕන වෙන්නෙ Email එකයි password එකයි. දැන් මේකෙ Settings වලට ගිහින් Administrator features activate කරන්න.එච්චරයි. දැන් ඔයාලගෙ phone එක prey servers වලට එයාගෙ location එක ගැන updates යවන්න පටන් අරන්. දැන් www.preyproject.com එකට log වෙලා prey icon එක phone එකෙන් හංගන්න පුලුවන් camouflage option එක activate කරන්න. එතකොට App එක තියෙනවද කියලවත් හොයාගන්න බැරිවෙනව.

Check කරල බලමුද?

අපි හිතමු phone එක නැති උනා කියල, එහෙම උනොත් Phone එකට Alarm එකක් යවන්න, තියෙන තැන map එකෙන් හොයන්න, එහෙමත් නැත්නම් ගත්ත කෙනාට පේන්න message එකක් display කරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ www.preyproject.com එකට ඔයාගෙ email & password දීල log වෙන එකයි. එතනින් එහාට මේ Simple interface එක පාවිච්චි කරල අදාල දේවල් Activate කරන්න පුලුවන්.

Phone එක කොච්චර පරිස්සම් කරත් අපි නොහිතන වෙලාවක නැතිවෙන්න පුලුවන්. ඒ නිසා මේ App එක දැන්ම install කරල තියන්න. ඒ වගේම Phone එක Reset කරොත් මේ App එකත් අයින් වෙනව. ඒ නිසා හැම වෙලේම තමන්ගෙ දේවල් පරිස්සම් කරගන්න පුරුදු වෙන්න, ඒක තමයි හොදම සහ සාර්ථකම ක්‍රමය.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

6 Comments

Leave a Reply to KalinduCancel reply

Related Articles

2025 හොඳම Free Video Editor එක බවට Shotcut පත්වෙයි.

Shotcut 2025 වර්ෂයේ දී tech reviews සහ comparisons වල “Best Free Open...

වචන වීඩීයෝ කරන Sora වැඩසටහන

OpenAI සමාගම විසින් නවතම new video-generation වැඩසටහනක් හදුන්වා දී තිබෙනව. එහි නම...

CES 2024 තුලින් launch වෙන MSI සමාගමේ නවතම නිෂ්පාදන

ඇමරිකාවේදී වාර්ෂිකව පැවැත්වෙන 2024 CES (Consumer Electronic Show) ඒක සදහා ලොව ප්‍රමුඛ...

ලොව පැරණිතම DOS Version එක අන්තර්ජාලයට

Microsoft සමාගම DOS Operating system එක නිර්මාණය නොකල බවත් සිදුකලේ DOS වෙනුවට...