Home Reviews intel Pentium G4560 Unboxing
Reviews

intel Pentium G4560 Unboxing

Share
blank
Share

අද අපි unbox කරන්නෙ intel Pentium G4560 processor එකයි. 2017 ජනවාරි මාසෙ නිකුත් කරපු මේ CPU එක තමයි intel CPU lineup එකේ entry level option එක.  එහෙනම් processor එකේ unboxing එකයි features ගැනයි බලමු.

Unboxing Package එක

  • Pentium G4560 processor එක
  • intel Stock cooler එක
  • user manual එක (මේකෙම පිටිපස්සෙ intel branding sticker එකක් තියෙනව)

Features

intel සමාගම 2007 තමන්ගෙ core CPU branding එකත් එක්ක CPU හදන්න පටන් ගත්තට පස්සෙ Hyper threading එක්ක Pentium CPU එකක් නිකුත් කරන්නෙ පළවෙනි වතාවටයි. ඉතින් මේ Hyper Threading පහසුකම එකතු වෙනවත් එක්කම දැන් Pentium G4560 CPU එක Gaming performance අතින් Core i3 එකකට සමාන වෙලා තියෙනව.

(2000 දි නිකුත් කරපු පරණ pentium 4 chip එක ගැන නෙමෙයි මේ කියන්නෙ. මෙච්චර කල් Pentium G3220, Pentium G4400 වගේ CPU වල Hyper threading තිබුනෙ නැහැ.)

core i3 CPU එකක් එක්ක ගත්තම මේ G4560 CPU එකේ නැතිවෙන්නෙ server side application වලට ඕන වෙන AVX instruction set එක විතරයි. gaming, internet email වගේ දේවල් වලට මේක බලපාන්නෙ නැහැ. ඒ නිසා දැනට market එකේ ගන්න තියෙන හොදම budget CPU එක වෙන්නෙ intel Pentium G4560 කියල කියන්න පුලුවන්.

Gaming වලදි ගත්ත comparison කීපයක් මෙන්න…

G4560 Processor එක ගැන අපේ unboxing video එකත් බලන්න.

මිල

දැනට රු 10,500 ක මිලට ගන්න පුලුවන් මේ CPU එක gaming වලට එහෙමත් නැත්නම් office, web browsing වගේ දේවල් වලට හොද ආයෝජනයක්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

  • Hey! this is true. i3 has same cache + Hyper Threading… Who needs AVX… I think we have a budget winner here…..

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...