Home Tech News ඉදිරියෙදි නිකුත් වෙන Nvidia RTX 5090 ගැන අලුත්ම තොරතුරු
Tech News

ඉදිරියෙදි නිකුත් වෙන Nvidia RTX 5090 ගැන අලුත්ම තොරතුරු

Share
blank
Share

ගේමින්ග් ලෝකයේ සියලු දෙනා බලාසිටින තවත් එක දෙයක් තමයි NVIDIA RTX 50 series එක නිකුත් වෙන දිනය කවදාද කියලයි. ඔන්න දැන් Nvidia RTX 5090 කාඩ් එක ගැන විස්තර කිහිපයක් ලීක් වෙලා තියනවා. මේ තොරතුරු කිසිවක් තවමත් නිශ්චිතව තහවුරු කරගන්න විදියක් නැහැ.

මේ ලීක් වුනු තොරතුරු වලට අනුව Nvidia’s GeForce RTX 5090 කාඩ් එක 32GB GDDR7 memory එකකින් සමන්විත වෙනවා. ඒවගේම RTX 5080 කාඩ් එක 16GB memory එකක් සහිතව පැමිනෙනවා. මේ ආකාරයට මෙම කාඩ් වල තොරතුරු නිකුත් කර තිබුනෙ ප්‍රසිද්ධ දෘඪාංග පිලිබද තොරතුරු ප්‍රචාරය කරන Kopite7kimi නම් පුද්ගලයා විසින් ඔහුගේ X ගිණුමේයි.

එහි දක්වා තිබුනු තොරතුරු වලට අනුව RTX 5090 කාඩ් වල තියෙන්නෙ GB202-300 GPU එකක් සහ එහි රන් වෙන්නෙ 21,760 FP32 CUDA cores වලින්. ඒවගේම ඒ තොරතුරු වලට අනුව මේ කාඩ් එකට 600W වැනි විශාල පවර් එකක් අවශ්‍ය වෙනවා. කලින් පරම්පරාව වන RTX 4090 කාඩ් එකත් එක්ක සන්සන්දනය කර බලනවිට වොට් 150ක බලයක් වැඩිපුර මේ අලුත් පරම්පරාවේ කාඩ් ලබාගන්නවා.

ඒවගේම ඔහු තවත් පෝස්ට් එකකින් RTX 5080 කාඩ් එකෙ තොරතුරුත් නිකුත් කර තිබුනා. එයට අනුව මේ කාඩ් එක 400Wක පවර් එකක් ලබාගන්නවා. කලින් පරම්පරාව වන RTX 4080 කාඩ් එකට අවශ්‍ය වුනේ 320W පමන බලයක් පමනයි.

මේ කාඩ් නිකුත් වෙන්න බොහෝවිට ඉඩ තියෙන්නෙ 2024 හතවෙනි කාර්තුවෙදි පමන. ඉතින් අනෙක් කාඩ් වලත් තොරතුරු නිකුත් වූ පසුව අපි ඔබව දැනුවත් කරන්නම්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...