Home Tech News බළසම්පන්න Microsoft Copilot+ පරිගණකය
Tech News

බළසම්පන්න Microsoft Copilot+ පරිගණකය

Share
blank
Share

මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත් නිමැවුමක් ගැන විස්තර, 2024 මැයි මස 20 වැනිදා පැවැත් වූ රැස්වීමකදී එළිදරව් එළිදරව් කළා. එහිදී සමාගමේ ප්‍රධානී සත්‍යා නඩෙල්ලා කීවේ, එදාමෙදාතුර නිපද වූ වඩාත් වේගවත් සහ බුද්ධිමත්ම වින්ඩෝස් පරිගණකය දැන් නිපදවා ඇති බවයි. එය වින්ඩෝස් කෝපයිලට් ප්ලස් පීසී (Copilot+ PC) ලෙස හඳුන්වනවා. වින්ඩෝස් සර්ෆේස් පරිගණක මෙන්ම වෙනත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිතව එන පරිගණක, මෙම අලුත් වෙළෙඳ නාමය යටතේ ඉදිරිපත් කරනවා. ජුනි 18 වැනිදා පටන්, මෙම පරිගණකයක් ඇමෙරිකානු ඩොලර් 999 කට මිලදී ගන්න පුලුවන්.

වින්ඩෝස් කෝපයිලට් ප්ලස් පරිගණකයේ ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 11 වුවත්, වෙනත් පරිගණක වලදී ක්‍රියාත්මක කළ නොහැකි කෘත්‍රිම බුද්ධි යෙදුම් ගණනාවක් මෙහිදී ක්‍රියාත්මක කරන්න පුලුවන්. මේ වෙනුවෙන් භාවිතා කරනුයේ නියුරල් ප්‍රොසෙසිං යුනිට් හෙවත් NPU- (Neural Processing Unit) වර්ගයේ ප්‍රොසෙසරයක්.

ජීවීන්ගේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන ආකාරය අනුගමනය කරමින් ලියා ඇති කෘත්‍රිම බුද්ධි වැඩසටහන් නියුරල් නෙට්වර්ක් වශයෙන් හඳුන්වනවා. මෙවැනි පද්ධති ක්‍රියාත්මක කළ හැක්කේ එන්පීයු ප්‍රොසෙසර් වලදී පමණයි. ස්නැප්ඩ්‍රැගන් එක්ස් එලයිට් සහ එක්ස් ප්ලස් යන එන්පීයු ප්‍රොසෙසර් කෝපයිලට් ප්ලස් පරිගණකයට යොදා ගෙන තිබෙනවා. මෙම දෘඩාංග සියල්ල එකවර ක්‍රියාත්මකවීම පිණිස, ගිගාබයිට් 256 ක මතක උපාංගයක් මෙන්ම ගිගාබයිට් 14ක රැම් මතක උපාංගයක් මෙහි තිබෙනවා. මෙනිසා කෝ- පයිලට් පලස් පරිගණකයට තත්පරයකදී මෙහෙයුම් ට්‍රිලියන 40ක් සම්පූර්න කිරීමට පුළුවන්.

මයික්‍රොසොෆ්ට් කෝපයිලට් යනු, ඕපන් ඒඅයි සමාගම් GPT කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිදමය පාදක කර ගෙන සකසා ඇති කෘත්‍රිම බුද්ධි සහයක වැඩසටහනක්. මාතෘකා ලබාදී ලිපි ලියවිය හැකි කවි සිංදු ලියවිය හැකි මෙන්ම මෙලොව නැති පන්නයේ රූප සකසා ගත හැකි, භාෂා භාවිතා කෘත්‍රිම බුද්ධි ආකෘතියක් වෙන කෝපයිලට් වෙතට, ක්ලවුඩ් සේවා ඔස්සේ සම්බන්ධ වෙන්න ඕනෙ. එවිට කරන වැඩ සියල්ල වැඩ කරන පරිගණකයෙන් පිට ඈත තැනක ඇති සර්වර් පරිගණක වලදී සැකසී, තමා වැඩ කරන පරිගණකයෙන් පෙන්වනවා. එහෙත් කෝපයිලට් ප්ලස් පරිගණකයේදී ක්‍රියාව මෙයට වඩා වෙනස්. කෘත්‍රිම බුද්ධි වැඩ සියල්ලම, වැඩ කරන පරිගණකය තුළම කෙරෙනවා මිස ඉන් පිටතට යන්නේ නැහැ.

මෙසේ තමා වැඩ කරන පරිගණකයේ සිටම කෘත්‍රිම බුද්ධි යෙඳුම් භාවිතා කිරීම පිණිස, තවත් කෘත්‍රිම බුද්ධි උප වැඩසටහන් හතළිහක් පමණ කෝපයිලට් ප්ලස් පරිගණකයේ ක්‍රියාත්මක වෙනවා. එසේම මෙහි ඇති යෙඳුම් සියල්ලම අලුතින්ම ආ GPT -4o සංස්කරණයට ගැලපෙනවා.

මෙසේ ඇති වඩාත් අලුත්ම කෘත්‍රිම බුද්ධි යෙදුම රිකෝල් ලෙස හඳුන්වන්වනව. මෙයින් කරන්නේ, පරිගණකයේ ඩෙස්ක්ටොප් එකෙහි තිර සටහන්, හඬද සමඟ තත්පර පහෙන් පහට ලබා ගෙන, පරිගණකයේ රැස් කර ගැනීමයි. මාස තුනක් තිස්සේ මෙසේ තිර සටහ රැස් වෙනවා. පරිගණකයෙන් කළ වැඩ මොනවාදැයි පසු වේලාවක දැන ගන්නට ඕනෑ වූයේ නම් කාල රේඛා සැකසුමක් හෙවත් ටයිම් ලයින් එකක් ඔස්සේ ගොස් මෙම තිර සටහන් ලබාගත හැකියි. මෙය කළ හැකි ඇප් එකක් ඇපල් පරිගණක සමග දැනටමත් තිබෙනවා. රිවයින්ඩ් යනු එයයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...