Home Tech News පරිශීලක අවධානය ටිකෙන් ටික වැඩිවෙන Threads
Tech News

පරිශීලක අවධානය ටිකෙන් ටික වැඩිවෙන Threads

Share
blank
Share

මාස කිහිපයකට පෙර විශාල ප්‍රචාරයක් සමගින් නිකුත් වුනු Social media platform එකක් තමයි Threads කියන්නෙ. මෙටා සමාගම විසිනුයි මෙම ඇප් එක නිකුත් කරනු ලැබුවෙ. පසුගිය දිනක Mark Zuckerberg විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනෙ දැන් Threads වෙත මසකට මිලියන 175 සෙනගක් එක් වන බවයි. ඒවගේම දැන් Threads ඇප් එක නිකුත් කරල වසරක් ගතවෙනවා.

මීටපෙර අප්‍රේල් මාසයේදි Mark Zuckerberg විසින් නිවේදනය කලේ Threads හි මසකට එක්වන සක්‍රීය පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 150 බවයි. Threads නිළ වශයෙන් නිකුත් කරනු ලැබුවේ 2023 ජූලි 03 වෙනිදායි. ඒ X එහෙමත් නැත්නම් පෙර හැදින්වූ Twitter ඇප් එකට තරගයක් දීම සදහායි.

කෙසේවෙතත් මෑත දිනකදී X සමාගමේ ප්‍රධානියා වන Elon Musk සදහන් කලේ එහි මසකට එක්වන සක්‍රීය පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 600 බවයි. ඒවගේම දිනකට පැමිනෙන පරිශීලකයන් සංඛ්‍යාව එම ගණනෙන් බාගයක් බවයි.

Threads පිලිබද නිවේදනයේදී Zuckerberg විසින් එහි insights කිහිපයක්ද සදහන් කර තිබෙනවා. ඒ අතර Threads බාවිතා කරන්නන් අතරින් වැඩි දෙනෙක් පැමිනෙන්නෙ එහි තිබෙන ටෙක්ස්ට් පෝස්ට් කියවීමට බවත් images බැලීමට එන සෙනග ඊට සාපේක්ශව අඩු බවත්ය.

මේ වනවිට මෙහි ටැග්ස් මිලියන 50 නිර්මානය වී තිබෙන අතර ඒවායෙන් ජනප්‍රියම ටැග්ස් වන්නෙ PhotographyThreads, BookThreads සහ GymThreads. මෙම ඇප් එකෙ නිකුත් කිරීමෙන් පසුව මෙටා සමාගම විසින් නව විශේෂාංග රැසක් හදුන්වා දුන්නා. ඒ අතර web app, trending topics සහ edit button එක හදුන්වන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...