Press ESC to close

MSI විසින් Next-Gen QD-OLED Gaming Monitors එළිදක්වයි

නිරතුරුවම Update වන Computer Hardware වෙළදපොලට ගැලපෙන ලෙස MSI නැවත වරක් එහි QD-OLED සහිත Monitor පෙළගැස්ම අළුත් Monitors range එකක් සමගින් පුළුල් කර තිබෙනව. අති නවීන QD-OLED තාක්‍ෂණය උපයෝගී කර ගනිමින්, MSI හි නවතම Monitor range එක ලොවපුරා විහිදී සිටින Gamersල සදහා නවමු අත්දැකීමක් එක් කර ඇත.

Get Your Site Up with A2 Hosting

MSI හි නව Monitor පෙළගැස්මේ ඇති මූලිකම වෙනස එහි විප්ලවීය QD-OLED තාක්ෂණයයි. Picture Quality එක සහ Details වැඩි දියුණු කල හැකි Sub-Pixel සැකස්ම වැඩි දියුණු කරමින් නව MSI Monitors නිපදවා ඇත. WQHD සිට DQHD දක්වා සහ UHD 4K දක්වා වූ Resolutions සමඟින්, ක්‍රීඩකයින්ට පෙර නොවූ විරූ Virtual Gaming Experience එකක් ලබා ගත හැක.

Unmatched Performance

විශිෂ්ටත්වය සඳහා MSI හි කැපවීම සමගින් Visually Unmatched performance එකක් සදහා මෙහිදී 0.03ms GTG(Grey to Grey) Responsive time එකක් සහ Stunning 360Hz Refresh rate සමගින් High Demanding Gaming වලදී ඔබගේ Experience එක සුමට එකක් බවට පත්කිරීමට MSI-QD-OLED Gaming Monitors දායක වේ.

Gaming සඳහාම වැඩිදියුණු කළ Features

MSI හි QD-OLED Gaming Monitors වල ඇති AI Vision Technology එකBrightness සහ Color Balance එක වැඩි දියුණු කරන අතර, Dark / Shadow Area වල Details Enhance කිරීමද සිදු කරයි. මේ අතර, AI තාක්‍ෂණයෙන් බල ගැන්වෙන MSI Gaming Intelligence විසින් Smart Crosshair, Night Vision AI, සහ Optics Scope වැනි Tool kit එකක් ලබාදෙන අතර මේවා Games වලදී තමන්ගේ වාසියට යොදාගැනීම සිදුකල හැක.

වැඩිදියුණු කළ කල්පැවැත්ම සහ ආරක්ෂාව

Long Life Time එකක් සහ විශ්වසනීයත්වයේ වැදගත්කම හඳුනා ගනිමින්, MSI විසින් එහි QD-OLED Monitors සදහා Advanced Cooling Solutions සහ OLED Care 2.0 Technology එක ලබාදී ඇත. OLED Panels වල Graphene Layers භාවිතය හරහා Effective Cooling එකක් සහ Heatsink මගින් ඉක්මනින් එම තාපය පිටතට යැවීම සිදු කරමින් තාපය පාලනය කරයි, මේ හරහා Panel වල ආයු කාලය දීර්ඝ කරන අතර කාලයත් සමඟ ඉහල Performance එකක් ලබාදීමට මෙය උපකාරී වේ.

Updated Connectivity

ඕනෑම Gaming system එකක් සමග සම්බන්ධ වීම සදහා උපරිම Connectivity එකක් MSI හි QD-OLED Monitor Range එකේ ලබාදී ඇත. Full 48Gbps Bandwidth සහිත HDMI 2.1 Ports හා VR සඳහා සහය දක්වන Gaming Console වලටද Support කරන අතර Type-C Port එක හරහා අළුත්ම Computers, Laptops සහ Mobile Devices සමග ඇති Compatibility එක වැඩි කරයි.

වසර 3ක වගකීම

QD-OLED Gaming Monitor සඳහා MSI සමාගමේ අසමසම වසර 3ක වගකීම එකසේ ලැබෙන අතර ඔබ ආයෝජනය කරන මුදලට හොදම දේ වැඩිම වගකීම් කාලයක් සමග ඔබට ලබාගත හැක.

Monitor Range

දැන් ශ්‍රී ලංකාව තුලදී ලබාගත හැකි MSI හි නවතම QD-OLED Monitor Range එක පහත දක්වා ඇත

MSI Monitors වල අනාගතය

QD-OLED Monitor වල නවතම පෙළගැස්ම සමඟින්, MSI සමාගම Gaming technology වලින් ඉදිරියෙන්ම සිටින සිය ස්ථානය නැවත තහවුරු කරයි. නව්‍ය හදුන්වාදීම් සමගින් සීමාවන් අභිබවා යාමට සහ උසස් විශේෂාංග සහ කල්පැවැත්ම සමඟ Extreme Performance සහිත නිෂ්පාදන සමග MSi සමාගම තම නිෂ්පාදනයන් ගුණාත්මකව ඉදිරියටම ගෙනයාමට සහ වැඩිදියුණු කිරීම සිදු කරයි.

MSI | MSI YouTube | MSI Facebook | MSI Instagram | MSI Twitter | RSS Feed

Leave a Reply

Your email address will not be published. Required fields are marked *