Home Tech News ලිනක්ස් පාදක උබුන්ටු කියන්නෙ මොකක්ද ?
Tech News

ලිනක්ස් පාදක උබුන්ටු කියන්නෙ මොකක්ද ?

Share
blank
Share

අද ලොව තිබෙන ජනප්‍රියම ලිනක්ස් පාදක පරිගණක මෙහෙයුම් පද්ධතිය, උබුන්ටු ලෙස සැලකෙනවා. මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි කැනොනිකල් සමාගමෙන් නිමවා, දියුණු කර පොදු මහජනයාට නොමිලේම දෙන උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මුලින්ම ඉදිරිපත් කළේ, 2004 ඔක්තෝබර් මස 04 වැනිදා නිසා, මේ ගෙවී යන්නේ එහි විසි වැනි වසරයි.

උබුන්ටු කියන්නෙ වින්ඩෝස් සහ ඇපල් මැක් ඕඑස් සමඟ කරට කර තරග කරන්න පුලුවන් නවීන මෙහෙයුම් පද්ධතියක්. පාසැල් සහ වෙනත් අධ්‍යාපන ආයතනවලදී භාවිතා කිරීම පිණිස සකසා ඇති උබුන්ටු සංස්කරණය Edubuntu ලෙස නම්කර තිබෙනවා.SnapCraft ලෙස හඳුන්වන්නේ උබුන්ටු ඇප්ස් ලබා ගත හැකි ඇප්ස්‍ටෝර් සේවයයි.

ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ ඩෙස්ක්ටොප් එක පෙන්වන රටාව හෙවත් එන්වයර්මන්ට් එක GNOME ලෙසයි හදුන්වන්නෙ. උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ සංස්කරණ ආකාර කීපයක් තිබෙනවා. ඩෙස්ක්ටොප්, ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක සඳහා වන සංස්කරණය වඩාත් ප්‍රසිද්ධයි. ස්මාට්ෆෝන් සංස්කරණය Ubuntu Touch ලෙස හඳුන්වනවා.

සෑම මාස හයකටම වරක් උබුන්ටු මෙහෙයුම් පද්ධති සංස්කරණයක් ඉදිරිපත් කරනවා. එක් සංස්කරණයක් අප්‍රේල් මස නිකුත් කරනවා. අනෙක් සංස්කරණය ඔක්තෝබර් මස නිකුත් වෙනවා. අවුරුදු දෙකකට වරක් විශේෂ උබුන්ටු සංස්කරණයක්, එළි දක්වනවා. ඒක තවත් වසර පහක කාලයට, තාක්ෂණික සහය සපයන ස්ථාවර (stable) සංස්කරණයක්.

මෙම සෑම සංස්කරණයකටම code name එකක් සහ සංස්කරණ අංකයක් තිබෙනවා. එම අංකය මඟින් උබුන්ටු සංස්කරණය නිකුත් කරන වසර සහ මාසය පෙන්වනවා. වසර 2004 ඔක්තෝබර් මස 04 වැනිදා ප්‍රසිද්ධ කළ උබුන්ටු 4.10 කියන්නෙ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ මුල්ම සංස්කරණයයි.

එහි අලුත්ම සංස්කරණය පසුගිය 2024 ඔක්තෝබර් 10 වැනිදා නිකුත් කළ 24.10 උනා. ඊළඟට 2025 අප්‍රේල් 17 වැනිදා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන සංස්කරණයේ අංකය 25.04 ලෙස නම් කෙරෙනවා.

උබුන්ටු මෙහෙයුම් පද්ධතියක කේත නාමය වශයෙන් යොදන්නේ, එකම ඉංග්‍රීසි අකුරු දෙකකින් ආරම්භ වන සේ යෙදිය හැකි සතෙකුගේ නමක්. ඒ අනුව පසුගිය 2024 ඔක්තෝබර් මාසයේ නිකුත් කළ උබුන්ටු 24.10 හි කේත නාමය, Oracular Oriole ය. එසේම මෙම නම් යොදන්නේ ඉංග්‍රීසි අකාරාදියේ පිළිවෙළට අනුවයි. එනිසා ඊළඟ කේත හා නාමය P අකුරෙන් ආරම්භ වෙනවා. එය නම් කර ඇත්තේ Plucky Puffin (කුරුල්ලෙක්) ලෙසයි.

උබුන්ටු මෙහෙයුම් පද්ධතියෙ භාවිත

  • දැන් ලොව අත්හදා බලමින් සිටින self-driving මෝටර් රථ ගණනාවකම ක්‍රියාත්මක වෙන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය පාදක කොටගත් මෙහෙයුම් පද්ධතියකින්.
  • ලොව ජනප්‍රියම ක්ලවුඩ් පරිගණක මෙහෙයුම් පද්ධතිය උබුන්ටු ලෙස සැලකෙනවා. ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන ක්ලවුඩ් සේවා වැඩසටහන වෙන වන ඕපන් ස්ටැක් සේවා පවත්වා ගෙන යන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය භාවිතා කරමින්.
  • ලොව විශාලතම ඔන්ලයින් විශ්වකෝෂය වෙන විකිපීඩියා විශ්වකෝෂය ක්‍රියාත්මක කරවන්නේ උබුන්ටු සර්වර් මෙහෙයුම් පද්ධති යොදා ගෙනයි.
  • ලොව වේගවත්ම සුපිරි පරිගණකයක් වෙන චීනයේ Tianhe පරිගණකය ක්‍රියාත්මක කරවන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියකින්. එසේම අද වේගවත්ම සුපිරි පරිගණක 500 අතරින් වැඩි ගණනක්, උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ බලයෙන් ක්‍රියාත්මක වෙන ඒවා.
  • ලොව ප්‍රකටම ඩ්‍රෝන යානා බොහොමයක්ම සිය නිපැයුම් ක්‍රියාත්මක කරවන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියෙන්.
  • ලොව පුරා රාජ්‍ය ආයතන ගණනාවක් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා. ස්පාඤ්ඤ පාසල් පද්ධතිය, ප්‍රංශ පොලීසිය, ඉතාලියේ ප්‍රාදේශීය පරිපාලන ආයතන, ඉන්දීය අධිකරණය, කේරළ ප්‍රාන්ත ආණ්ඩුව යනාදිය සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ යොදා ගනිමින්.
  • ලොව ප්‍රකට විද්‍යාගාර සහ වෙනත් පර්යේෂණාගාර පරිගණක පද්ධති මුළුමණින්ම වාගේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මඟින් ක්‍රියාත්මක වෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බොහෝ පද්ධති උබුන්ටු පද්ධතියෙන් ක්‍රියාත්මක වෙනවා.

බලසම්පන්න සහ භාවිතයට පහසු උබුන්ටු මෙහෙයුම් පද්ධතිය උබුන්ටු වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. එය ඩිස්ක් ඉමේජයක් (iso) වශයෙන් ලැබෙන නිසා ඩීවීඩී තැටියක බර්න් කර ඉන් පසුව සාමාන්‍ය විදියට පරිගණකයේ ඉන්ස්ටෝල් කර ගන්නට හෝ එහිම තබා පරිගණකයේ ක්‍රියාත්මක කරවන්නට හෝ පුළුවන්. ඊට අමතරව උබුන්ටු මෙහෙයුම් පද්ධතිය බූට් කර ගත හැකි යූඑස්බී ඩ්‍රයිව් හෙවත් පෙන්ඩ්‍රයිව් එකක් බූටබල් ස්ටික් එකක් ලෙස වුවත් සකසා ගන්න පුලුවන්.

උබුන්ටු කියන්නෙ දකුණු අප්‍රිකානු වචනයක්. එහි තේරුම ‘මනුසත්කම බෙදා ගනිමු’ යන්නයි. නිදහස සහ සාමූහිකත්වය පිළිබිඹු කරන සේ පුද්ගලයින් අතිනත ගෙන කවයක සිටිනා අයුරු පෙන්වන සේ උබුන්ටු ලාංඡනය සකසා තිබෙනවා.

මෙසේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සැකසීම වෙනුවෙන් 2003 දී සිය පෞද්ගලික ධනයෙන් ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂයක් ප්‍රදානය කළ දානපතියා දකුණු අප්‍රිකාවේ මාක් රිචඩ් ෂටර්වත්ය.

උබුන්ටු සංස්කරණය පරිගණකයේ ඉන්ස්ටෝල් කර ගන්නට අඩුම තරමින් 3GB රැම් මතකයක් තිබිය යුතු වෙනවා. 4GB රැම් මතකයක් නම්වඩාත් හොඳයි. අවම වශයෙන් 25GB හාඩ් ඩිස්ක් ඉඩක් ද තිබෙන්න ඕනෙ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...