Press ESC to close

Battlefield 5 Review

සාමාන්‍යයෙන් දෙවන ලෝක යුද්ධය පාදක කරගත් games වල game story එකේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දෙවන ලෝක යුද්ධය ඉතිහාසයේ ප්‍රධාන සංධිස්ථානයක් කරමින් යුද්ධයෙන් ජයග්‍රහණය ලද ජාතීන්ගේ කීර්තිය හා ප්‍රෙෳඪත්වය ඉස්මතු කිරීමයි.නමුත් Battlefield 5 හිදී මෙම සිද්ධාන්තයෙන් ඔබ්බට යමින් මෙහි single player campaign එක individual stories කිහිපයක එකතුවක් ලෙස ගෙන එයි. ‌දෙවන ලෝක යුධ සමයේ එයට සම්බන්ධ වූ රටවල් කිහිපයක සෙබල,සෙබලියන්ගේ අත්දැකීම් ලෙස මෙම තනි stories ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් අපට ක්‍රීඩාකිරීමට ලැබේ.මෙසේ අපට ලැබෙන main story එක war stories ලෙස ප්‍රධාන කොටස් 4ක් යටතේ ක්‍රීඩාකළ හැකිය.මීට අමතරව “ My country calling” ලෙස ක්‍රීඩාව ආරම්භයේදීම prologue එකක් මගින් ක්‍රීඩාවේ අවිආයුධ භාවිතය, යුධ ටැංකි මගින් පහරදීම, ගුවන්යානා හැසිරවීම, Stealth gameplay වැනි areas කෙටියෙන් ආවරණය කිරීමක් සිදුකරයි.

පෙර සඳහන් කළ main war stories 4 පිළිබඳව පහතින් කෙටියෙන් සඳහන් කරන්නම්,

Get Your Site Up with A2 Hosting

Under no flag 

1942 වර්ෂයේ උතුරු අප්‍රිකාවේ සිදුවන සිදුවීම් මාලාවක් වන මෙහිදී අපට Billy Bridger නම් සොල්දාදුවෙකු ලෙස ක්‍රීඩාකිරීමට සිදුවේ. Billy ලෙස ක්‍රීඩාකරමින් ප්‍රදේශයේ සතුරු ගුවන්යානා කඳවුරු විනාශකිරීම අපට පැවරේ.

Nordlys

1943 වර්ෂයේ නෝර්වේ වල සිදුවන සිදුවීම් මාලාවක් වන මෙහිදී අපට නෝර්වීජියානු නාසි විරෝධී හමුදාවේ සෙබලියක් වන Solveig Fia Bjornstad ලෙස ක්‍රීඩාකිරීමට සිදුවේ. Solveig ලෙස ක්‍රීඩාකරමින් ඇයගේ මව වන Astrid ව ජර්මානුවන්ගෙන් බේරාගැනීම හා ජර්මන් න්‍යෂ්ටික අවි නිපදවන ව්‍යාපෘතිය විනාශකිරීම අපට පැවරෙන මෙහෙයුම් වේ.

Tirailleur

1944 වර්ෂයේදී එකළ ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවති සෙනගාලයේ Tirailleur එනම් ප්‍රංශය වෙනුවෙන් සටන්කළ සෙනගාල් සෙබලෙකු ලෙස අපට මෙහිදී ක්‍රීඩාකළ හැකිය. නමින් Deme Cisse වන ඔහු ඔහුගේ සහෝදරයා Idrissa සමග ප්‍රංශයේ දකුණු ප්‍රදේශය නාසි හමුදාවන්ගෙන් බේරාගැනිම සඳහා සටන්කරයි.

The last TIGER

1945 වර්ෂය යනු දෙවන ලෝක යුධ සමයේ අවසානය සනිටුහන් වූ වසරයි. මෙහිදී අපට ක්‍රීඩාකිරීමට ලැබෙන්නේ පළපුරුදු ජර්මන් අණදෙන නිලධාරියෙකු ලෙසයි.අංක 237 දරන ජර්මානු අවසන් “Tiger” යුධ ටැංකියේ අණදෙන නිලධාරියා වන Peter Muller හා ඔහුගේ කණ්ඩායම මුහුණදුන් අත්දැකීම් අපට මෙහිදී ක්‍රීඩාකිරීමට ලැබේ

First person action shooter ක්‍රීඩාවක් වන Battlefield 5 මගින් දෙවන ලෝක යුධ සමයේ සිදුවූ විශේෂ සිදුවීම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත හැක. Battlefield 5 ගැන කිවයුතුම විශේෂම කරුණ නම් NVIDIA Ray Tracing තාක්ෂණය භාවිතකරන ලද මුල්ම පරිගණක ක්‍රීඩාවද මෙය වීමයි. මෙම ray tracing මගින් වැඩිදියුණු වන visuals හා lifelike reflections ක්‍රීඩාවට විශාල ආකර්ශනයක් එකතුකර ඇත.

Battlefield 5 සඳහා අවශ්‍ය minimum සහ recommended requirements පහතින් සඳහන් කරන්නම්………

SystemMinimumRecommended
CPUAMD FX-8350/ Intel Core i5 6600KAMD Ryzen 3 1300X/Intel Core i7 4790
GPUNVIDIA GeForce GTX 660 (2GB)/AMD Radeon RX 560NVIDIA GeForce GTX 1060(6GB)/AMD Radeon RX 580(8GB)
VRAM2GB6GB
RAM8GB12GB
Storage50GB50GB
OSWindows 10(64 bit)Windows 10(64 bit)

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *