Home Tech News social media YouTube Desktop මත වීඩියෝස් Offline Download කිරීමේ හැකියාව පරික්ශා කෙරේ
social mediaTech News

YouTube Desktop මත වීඩියෝස් Offline Download කිරීමේ හැකියාව පරික්ශා කෙරේ

Share
blank
Share

YouTube videos download කරන්න ක්‍රම කිහිපයක්ම තියනවා. Desktop device එකක download කරන්න ඕනනම් අනිවාරයයෙන්ම මොකක් හරි software එකක් හෝ online tool එකක් හරි පාවිච්චි කරන්න සිද්ද වෙනවා. නමුත් මේ වෙද්දි YouTube Premium Subscription එකක් තියන පිරිස් වලට videos download කරල offline බැලීමේ කිරීමේ හැකියාව ලබා දෙන්න YouTube පරික්ශා කරගෙන යනවා.

මේ feature එක දැනට වැඩ කරන්න Chrome, Edge, හෝ Opera කියන web browsers වල latest version එක තියෙන්න ඕනා. ලංකාවට නිල වශයෙන් YouTube Premium නැති වුනත් සමහර අය එක එක ක්‍රම වලින් මේ Premium සේවාව පාවිච්චි කරනවා. ඔයා එහෙම කෙනෙක්නම් YouTube Labs පිටුවට ගිහින් මේ අලුත් experimental feature එක තමන්ට available ද කියල බලන්න පුලුවන් (YouTube Premium තිබ්බත් මේ feature එක enable කරන්න හැකියාව නැති වෙන්න පුලුවන්.)

මේ විදිහට මේ feature එක enable වුනොත් වීඩියෝස් වලට පහලින් “Download” button එකක් දකින්න පුලුවන්. ඒ වගේම video browse කරද්දි එන video overflow menu එකෙනුත් download කරන්න පුලුවන්. YouTube navigation drawer එකෙන් හෝ youtube.com/feed/downloads කියන ලින්ක් එකෙන් මේ විදිහට download කරපු videos බලන්න හැකියාව තියනවා. මේ පිටුවෙ තියන settings වලින් offline videos මකන්නත් download quality එක තෝරන්නත් පුලුවන්. 360p සහ 4K qualities හැර අනික් ඕනම quality එකකින් මේ විදිහට videos download කරන්න හැකියාව ලබාදෙනවා.

YouTube සඳහන් කරල තියෙන්නෙ අවම දවස් 30කට සැරයක්වත් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවනම් මේ විදිහට download කරන videos ඕනම කාලයක් තියාගන්න පුලුවන් කියලයි. මේ විදිහට download වෙන videos, YouTube website එක මත නැතුව වෙනත් මාර්ගයකින් බලන්න ක්‍රමයක්නම් තවම ඇවිල්ල නෑ. මොනව උනත් තෙවන පාර්ශවික tool එකක් පාවිච්චි කරල YouTube videos download කරනවට වඩා මේ විදිහට YouTube මගින්ම video download කරගන්න හැකියාව ලැබෙන එක වඩාත් ආරක්ෂිතයි.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...