Home Tech News Events මාර්තු 8 Apple Event එකෙහි විස්තර
EventsPhonesTech News

මාර්තු 8 Apple Event එකෙහි විස්තර

Share
blank
Share

Apple ආයතනය විසින් මාර්තු 8 වෙනදා ලංකාවෙ වෙලාවෙන් රාත්‍රී 11.30ට විතර 2022 වසරෙ ඔවුන්ගෙ පළමු Apple Event එක පවත්වන්න සූදානමෙන් ඉන්නවා. මේ Event එක Cupertino, California වල පිහිටි Steve Jobs Theater එකේ සිට Live Stream කරාවි. පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ Event එක Online event එකක් විදිහට විතරක් පවත්වන්න තමයි Apple සමාගම තීරණය කරල තියෙන්නෙ.

Apple විසින් ඊල‌ඟ පරපුරේ iPhone SE දියත් කිරීමට මෙම Event එකේදි බොහෝ දුරට ඉඩ තියනවා. ඒත් එක්කම නවීකරණය කරන ලද iPad Air, Apple Silicon Chip එකක් සහිත Mac, අලුත්ම Mac Mini පරිගණකයක් සහ Macbook පෙළක්ද එලිදැක්වීමට සූදානම් වෙනව කියල වාර්තා වෙනවා.

මීලඟ පරපුරේ iPhone SE එකත් දැන් තියන iPhone SE එකේ design එකෙන්ම spec-bump එකක් විතරක් සිදු කරල හඳුන්වාදෙන්න ලොකු අවස්තාවක් තියනවා. බොහෝ විට මේ දුරකතනයේ A15 වගේ update කරපු A-series chip එකක් ඇතුලත් වේවී. මේ iPhone SE එක වඩාත්ම මිළෙන් අඩු 5G iPhone එක බවට පත් වේවී කියල බොහෝ දෙනා මත පළ කරනවා. නිකුත් වීමට නියමිත Macbook පෙළත් බල ගැන්වෙන්නෙ M1 chip එකෙහි අනුප්‍රාප්තිකයා වෙන M2 chip එකෙන් වෙන්න ඉඩ තියනවා, design එකේ වෙනසක් වෙන බවක් වාර්තා වෙන්නෙ නෑ.

මේ Apple Event එකේ Live Stream එක ඔයාට YouTube එකෙන්, Apple වෙබ් අඩවියෙන් හෝ Apple TV app එකෙන් නරඹන්න හැකියාව තියනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...