මාස කීපයකට කලින් සැලසුම් කරල තිබ්බ විදිහට TRCSL මගින් ශ්‍රී ලංකාවට mobile සහ fixed line number portability ලබා දෙන්නයි සූදානම් වෙන්නෙ. ඒ අනුව customersලට එයාලගෙ කලින් තිබ්බ numbers තියාගෙනම ඕනම service provider කෙනෙක්ට මාරු වෙන්න මේකත් එක්ක අවස්ථාව ලැබෙනවා.

TRCSL විසින් මේ අවුරුද්දෙ මුල Public Consultation Paper එකක් නිකුත් කරල මේ තාක්ෂණය පිලිබඳ ජනතාව දැනුවත් කරා වගේම එයාලගෙ අදහස් පවා එකතු කරගත්තා. අපි ඒ ගැන ලිපියකින් කතා කරා.
TRCSL අධ්‍යක්ෂ ඕෂද සේනානායක මහතා ප්‍රකාශ කර තිබුනෙ මේ තාක්ෂණය ලංකාවෙ දියත් කරන්නෙ පාකිස්ථානයේ විදුලි සංදේශන අධිකාරියේ මග පෙන්වීම එක්ක කියල, ඒ පාකිස්ථනයේ number portability තාක්ෂණය දියත් කිරීමේ තිබෙන සාර්ථකත්වයත් එක්කයි.

සේනානයක මහතා තවදුරටත් ප්‍රකාශ කර හිටියෙ මේ එක්ක service providersලට තමන්ගෙ සේවාවෙ ගුණාත්මකබව ගැන වැඩියෙන් හිතන්න වෙනව කියලත්, එයාල ඒක වැඩි දියුණු කරන්න පෙලඹෙන්න ඉඩ තියන බවත්, මොකද consumersලට අවශ්‍ය සේවාවක් කිසිම කරදරයක් නැතුව තොරගන්න පුලුවන් වෙන නිසා. Number Portability සේවාව ඔක්තෝබර් මාසයෙ අපිට බලාගන්න බැරි උනත් මේ අවුරුද්ද ඇතුලත අනිවාර්යෙන් ඒ සේවාව අපිට අත් විඳගන්න පුලුවන් වෙයි.
Thanks