Home Tech News Events Number Portability මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට එන ලකුණු
EventsTech News

Number Portability මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට එන ලකුණු

Share
blank
A Large Communications Tower on a Blue Sky
Share

මාස කීපයකට කලින් සැලසුම් කරල තිබ්බ විදිහට TRCSL මගින් ශ්‍රී ලංකාවට mobile සහ fixed line number portability ලබා දෙන්නයි සූදානම් වෙන්නෙ. ඒ අනුව customersලට එයාලගෙ කලින් තිබ්බ numbers තියාගෙනම ඕනම service provider කෙනෙක්ට මාරු වෙන්න මේකත් එක්ක අවස්ථාව ලැබෙනවා.

Updated – October 2021

මේ වනවිට Number Portability පහසුකම ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනව. මේ අනුව ඔබගේ දුරකථන අංකය තවදුරටත් එය සපයන හෝ අයත් වන සමාගමට පමණක් සීමා වන්නේ නැහැ. මෙය ව්‍යාපාර කටයුතු කරන වගේම පෞද්ගලිකව එක් අංකයක් භාවිතා කරන – දැනට දුරකථන ජාලය වෙනස් කරන්න අවශ්‍ය අයටත් අස්වැසිල්ලක් වෙනු ඇති. මෙහි අනෙක් කරුණ නම් සේවා සපයන සමාගම් වලටත් මේ මගින් දැඩි තරගකාරී ලෙස තමන්ගේ පාරිභෝගිකයන් රදවා ගැනීමට කටයුතු කිරීමට සිදුවීමයි.

TRCSL විසින් මේ අවුරුද්දෙ මුල Public Consultation Paper එකක් නිකුත් කරල මේ තාක්ෂණය පිලිබඳ ජනතාව දැනුවත් කරා වගේම එයාලගෙ අදහස් පවා එකතු කරගත්තා. අපි ඒ ගැන ලිපියකින් කතා කරා.

TRCSL අධ්‍යක්ෂ ඕෂද සේනානායක මහතා ප්‍රකාශ කර තිබුනෙ මේ තාක්ෂණය ලංකාවෙ දියත් කරන්නෙ පාකිස්ථානයේ විදුලි සංදේශන අධිකාරියේ මග පෙන්වීම එක්ක කියල, ඒ පාකිස්ථනයේ number portability තාක්ෂණය දියත් කිරීමේ තිබෙන සාර්ථකත්වයත් එක්කයි.

සේනානයක මහතා තවදුරටත් ප්‍රකාශ කර හිටියෙ මේ එක්ක service providersලට තමන්ගෙ සේවාවෙ ගුණාත්මකබව ගැන වැඩියෙන් හිතන්න වෙනව කියලත්, එයාල ඒක වැඩි දියුණු කරන්න පෙලඹෙන්න ඉඩ තියන බවත්, මොකද consumersලට අවශ්‍ය සේවාවක් කිසිම කරදරයක් නැතුව තොරගන්න පුලුවන් වෙන නිසා. Number Portability සේවාව ඔක්තෝබර් මාසයෙ සිට ලබාදෙන බව මේ වනවිට ප්‍රකාශ කරල තියෙනව.

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...