Home Tech News අධ්‍යාපන මෙවලම් නිපදවන මෙටා සමාගම
Tech News

අධ්‍යාපන මෙවලම් නිපදවන මෙටා සමාගම

Share
blank
Share

ක්වෙස්ට් වීආර්(Quest VR) හෙඩ්සෙට්, අධ්‍යාපන මෙවලමක් වශයෙන් යොදාගන්න පුලුවන්. ඊට සහයක තාක්ෂණ, දැන් දියුණු කර අවසන් බව මෙටා සමාගම පසුගිය 2024 අප්‍රේල් 15 වැනිදා නිවේදනය කළා. ක්වෙස්ට් හෙඩ්සෙට් සමඟ භාවිතා කළ හැකි මෙම අධ්‍යාපනික නිපැයීම්, වසර අවසන් වෙන්නට කලින් ඉදිරිපත් කරනු ඇති.

මෙම අධ්‍යාපනික මෙවලම් යනු නව තාක්ෂණික උපකරණයක් නොව, ක්වෙස්ට් හෙඩ්සෙට්‍ ඔස්සේ අධ්‍යාපනික කටයුතු පහසු කරනු පිණිස තැනූ මෘදුකාංග තිබෙනවා. කණ්ඩායමක් වශයෙන් එක්ව වැඩ කරන විට, ඒ අය පැළැඳ සිටින ක්වෙස්ට් උපාංග අතර සන්නිවේදනය මෙන්ම සම්පත් හුවමාරුව (manage multiple Quest devices at once) කළ හැකි මෘදුකාංග මූලික ඒවායි. එසේම පංතියක් වශයෙන් වැඩ කරන විට අවශ්‍ය වෙන විවිධ ඇප්ස්ද මේවාට අයත් වෙනවා. ඒවා මෙටා සමාගමට පමණක් නොව වෙනත් අයටද නිමැවිය හැකි මෘදුකාංග පරිසරයක්ද ඉදිරිපත් කෙරෙනවා.

නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම මඟින්, ගැඹුරු සහ ව්‍යාකූලතා ඇති කරන සිද්ධාන්ත සහ සංකල්ප පහසුවෙන් අවබෝධ කර ගැනීමේ නව මං පෙත් එළි කරගත හැකිබව, අධ්‍යාපනඥයෝ දැන් විශ්වාස කරනවා. මේ පිළිබඳව කළ සමීක්ෂණයක් මෙටා සමාගමේ උද්යෝගය වැඩි කොට තිබෙනවා. ඇමෙරිකාව පුරා උසස් අධ්‍යාපන ආයතනවල සේවය කරන ගුරුවරුන් අතරින් 77% ක් දෙනාගේ විශ්වාසය, වර්චුවල් රියැලිටි හෙවත් VR- Virtual Reality සහ ඕග්මෙන්ටෙඩ් රියැලිටි හෙවත් ඒ- ආර් (AR- Augmented_Reality) තාක්ෂණය භාවිතා කිරීම මඟින් සිසුන්ට පහසුව ඇති වෙන බවයි.

මෙටා සමාගමේ උදව්ව නැතිව වුවත්, ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වීආර්/ඒආර් හෙඩ්සෙට් භාවිතා කොට උසස් ප්‍රතිඵල ලබා ගෙන තිබෙනවා. ඉගෙනීමට වර්චුවල් අවකාශය උදව් කර ගන්නන්, ඉහළ අධ්‍යාපන නිපුණතා පෙන්වන බව, ඇමෙරිකාවේ ඇට්ලැන්ටාහි මෝහවුස් කොලේජ් විශ්ව විද්‍යාල සිසුන් ඇසුරෙහි කළ සමීක්ෂණයකින් පෙනී ගොස් තිබෙනව.

සැබැවින් නොපවතින වටපිටාවක් තාක්ෂණික උපාංග යොදා ගෙන නිර්මාණය කර පෙන්වූ විට, එම පරිසරය, වර්චුවල් හෙවත් අතත්‍ය (එනම් නොපවතින), රියැලිටි හෙවත් යථාර්ථ (එනම් සැබෑවක් සේ පෙනෙන) පරිසරයක්. මෙසේ මවාගත් පරිසරය සමඟ එය භාවිතා කරන්නාට ගනුදෙනු කළ හැකි සීමාව සහ ආකාරය අනුව මෙම පරිසරය, වීආර් සහ ඒආර් ලෙස මාදිලි දෙකක් වශයෙන් දැන් විස්තර කරනවා.

සැබෑ පරිසරය පෙනෙන අතරම ඒ මතට ඩිජිටල් වශයෙන් දියුණු කළ යම් යම් යෙඳුම් එක් කර පෙන්වීම ඒආර්(AR- Augmented reality) ලෙස හඳුන්වනවා. එනම්, ස්වභාවික පරිසරය විනිවිද පෙනෙන සේ විවිධ මෙනු, ඩිස්ප්ලේ යනාදිය එක් කිරීමයි. එසේ නොව ස්වභාවික පරිසරයෙන් ඉවත්ව සම්පූර්ණයෙන්ම මැවූ පරිසරයක් තුළ හැසිරෙන්නාක් සේ දැනෙන පරිදි මායා ලොවක් මැවීම වීආර්(VR- Virtual Reality) ලෙස හඳුන්වයි.

මෙම වීආර් පරිසරයත්, ඒආර් පරිසරයත්, සාමාන්‍ය පරිසරය හා සම්බන්ධ කොට ගත් විට සිතට දැනෙන මුත් කයට නොදැනෙන දෘෂ්ටි මායා පරිසරයක් බිහිවෙනව. මෙටාවර්ස් (metaverse) ලෙස හඳුන්වන මෙය අත්විදිය හැක්කේ, ක්වෙස්ට් වැනි හිස් පළඳනාවක් පැළැඳගත් විටයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...