Press ESC to close

ශ්‍රී ලංකාවේ පලවෙනි military simulation roleplay server එක

2021 ඔක්තෝබර් 3 වෙනිදා ශ්‍රී ලංකාවෙ පලමු Military Simulation Roleplay Server එක එලි දැක්වූවා . මෙය ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම Military Simulation Roleplay Server එක වීම විශේෂත්වයකි. Military Simulation Roleplay Server එකක් යනු සැබෑ ජීවිතයේ ආකාරයට හමුදාමය භූමිකාවක් රග දැක්වීමයි. මෙම සර්වරය Gta V පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාවෙ දැන් බොහෝ gta roleplay servers ඇති නමුත් මේ ආකාරයේ Military Simulation roleplay server එකක් ආරම්භ වන්නේ පලමුවන වරටයි. මෙහි ඇති විශේෂත්වය වන්නෙ මෙහි නිමැවුම්කරුවන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් වීමයි. මෙහි ප්‍රදාන Developer ලෙස හසිදු දේශාන් හා Host ලෙස සජිත් රෑපසිංහ ක්‍රියා කරයි. ඔවුන් ඇතුළු තවත් විශාල පිරිසක් මේ නිර්මාණය කිරීමේ කාර්‍ය පිටුපස ඇත.

Get Your Site Up with A2 Hosting

තවද මෙහි සංකල්පය ගැන විශේෂ අද්‍යනය සදහා මෙහි ප්‍රදාන සංවිධායකයන් වන කවිදු එශාර හා පමෝද් වික්‍රමනායක ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ ආකාරයට ක්‍රියාත්මක වන server යක ක්‍රීඩා කර එහි නිමැවුම්කරුවන් සමග විශේෂ පුහුණුවක් ලබා ඇත. එම පුහුණුකරුවන් සැබෑ හමුදා නිලධාරීන් වීම විශේෂත්වයකි.මේ ආකාරයෙන් ඉතා විශාල වෙහෙස මහන්සියක් දරා මෙය නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට දැන් මෙහි ක්‍රීඩා කිරීමට අවස්ථාව ඇත.

How to Play

මෙය Military Simulation Roleplay Server එකක් බැවින් ඔබ ප්‍රථම ව අපගේ discord server එකට පැමිණ අයදුම්පතක් පිරවිය යුතුය, ඉන්පසුව ඔබට සම්මුඛ පරීක්ෂණයකට කැදවීම් ලැබේ , එයින් සමත් වූ පසුව ඔබව මූලික පුහුණුවක් සදහා යොමු කෙරේ. ඉන්පසු ඔබට සාමාන්‍ය ආකාරයට ක්‍රීඩා කිරීමට හැකිය.

මෙහිදී ඔබට අවශ්‍ය පැතිකඩකින් ඒ ඒ පුහුණුවීම් කර ඉදිරියට යා හැක.

උදාහරණයක් ලෙස ඔබට ගුවන් නියමුවකු වීමට අවශ්‍ය නම් ඔබට ඒ සදහා අවශ්‍ය ගුවන් පියාසැරි කාලය සම්පූර්ණ කර ගුවන් නියමුවකු විය හැක. ඔබට ස්නයිපර් වරයෙකු වීමට අවශ්‍ය නම් ස්නයිපර් පුහුණු පාසලෙන් ( ඒ සදහා පාසලක් ද නිර්මාණය කර ඇත ) ඒ පුහුණුවීම් සිදුකොට ස්නයිපර් වරයෙකු වීමට හැක.

වෙනස්ම අත්දැකීමක්

තවද මෙහි පසුබිම ලෙස සංකීර්ණ පසුබිම් කතාවක් ඇති අතර එය කෙටියෙන් ලියමි . මෙහි යූනියන් සන්නද්ධ හමුදා ව හා හසරානි විමුක්තිකාමීන් ලෙස දෙපිරිසක් ඇත. ක්‍රීඩකයින්ට මෙම දෙපිරිසෙන් පිලක් තෝරාගෙන පුහුණුවීම් සිදුකරගෙන තමන්ගේ භූමිකාව ඉදිරියට කරගෙන යා හැකිය.

යූනියන් සන්නද්ධ හමුදා පසුබිම

යුනීයන් නගරයේ හි හමුදාවන් ත්‍රස්තවාදී එරෙහි යුද්ධයේදී රජයේ “ඩෙල්ෆ්ට් සමූහාණ්ඩුවට” ආධාර කිරීම සඳහා යුනියන් සිටි සන්නද්ධ හමුදාව ඩෙල්ෆ්ට් දූපතට යොදවන ලදී. කෙසේ වෙතත්, දිවයිනේ භූගෝලීය පිහිටීම හේතුවෙන් UCAF හමුදාවන්ට නියමිත වේලාවට දිවයිනට පැමිණීමට නොහැකි විය. ඩෙල්ෆ්ට් ජනරජය Hasarani State Militia අතට පත් වූ බවට ප්‍රවෘත්ති ඉක්මනින්ම කලාපය පුරා පැතිර ගියේය. දැන් UCAF හි එකම අරමුණ ඩෙල්ෆ්ට් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන එහි ජනතාවට සාමය ගෙන ඒමයි.

හසරානි සන්නද්ධ හමුදා පසුබිම

හසරණි ප්‍රාන්තය මුළු ඩෙල්ෆ්ට් දූපතේම තිබෙන විශාලතම පළාතකි. ඛනිජ සහ කෘෂිකර්මාන්තයෙන් පොහොසත් ය. නමුත් නව රජය බලයට පත් වූ දා සිට ඒවා කෘෂිකර්මාන්තය අනතුරේ හෙළමින් ප්‍රාන්තයෙන් අතිශය දුර්ලබ ඛනිජ අත්පත් කර ගැනිමට කටයුතු කරා. ඒ සමඟම ජනපදයට සාගතය සහ දරිද්‍රතාවය ගෙන ආ අතර මිලියන ගණන් හසරණී ජනයා කුසගින්නෙන් හා රෝග වලින් පීඩා වින්දා.මේ හේතුව නිසා Hasarani State Militia නමින් නම් කර තිබූ රජයට එරෙහිව කැරලිකාර හමුදාවක් පිහිටුවීමට සන්නද්ධ පුද්ගලයින් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් කණ්ඩායමක් තීරණය කළහ. ඔවුන් වෙනත් ප්‍රදේශ වල හමුදා ඉලක්ක වලට සහ කාර්මික ඉලක්ක වලට එරෙහිව ප්රහාර එල්ල කිරීමට පටන් ගත් අතර, රජයට සහයෝගය දැක්වීම සඳහා ඔවුන් යූනියන් ජනරජයේන් යුධ අධාර ඉල්ලුහ (UCAF) හසරණි ප්‍රාන්තයේ වැසියන් සඳහා ඔවුන් වීරයන් හා විමුක්තිකාමීන් ලෙස සැලකෙන නමුත් ලොව පුරා භයානක ත්‍රස්තවාදීන් ලෙස සැලකේ.

මෙය ක්‍රීඩා කිරීමට අවශ්‍ය සපුරාලීම් – Requirements

1. Gta online පරිගණක ක්‍රීඩාවේ වලංගු පිටපතක්

2. Five m Application එක

3. වලංගු steam ගිණුමක්

4. Discord ගිණුමක්

5. ක්‍රියාකාරී මයික්‍රපෝනය ක්

පරිගණක අවශ්‍යතා – PC Requirements

1. intel core i3 4th gen

2.6 gb ram

3.gtx660 graphic card

4. fivem 5gb / for gta 110gb

5..windows 10 operating system

ලිපිය – දුලංජන කවිදු, කවිදු එශාර

විශේෂ ස්තුතියි

Venedara wijerathne | Sumal Chandupa | Thidas wickramarachchi | Sachitha Harshana

Gayan pradeep | Kaveesha Heshan | Shalitha Nethsara | Rusiru Thiranjaya

Mihirath Amarasinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *