Home Tech News YouTube සමාගම “Hype” යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි !
Tech News

YouTube සමාගම “Hype” යනුවෙන් නව විශේෂාංගයක් හදුන්වාදෙයි !

Share
blank
Share

YouTube වීඩීයෝ නිර්මාණකරුවන්ට(Content Creators) ප්‍රේක්ෂකයින් වර්ධනය කරගැනීමට පහසු වන ආකාරයේ නව විශේෂාංගයක් හදුන්වාදීමට YouTube සමාගම මේ වනවිට කටයුතු කරතිබේ.පසුගිය බදාදා දින පැවති Made On YouTubeඋත්සවයේදී ‘Hype“යනුවෙන් හදුන්වන මෙම නව විශේෂාංගය එලිදැක්වූ අතර මෙමගින් වීඩීයෝ පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළගා කරවීමට වීඩීයෝ නිර්මාණකරුවන්ට හැකිවනු ඇත.

මෙම නව විශේෂාංගය හිමිවනුයේ Subscribers ලක්ෂ 5කට වඩා අඩු YouTube නාලිකාවලට වන අතර මෙම විශේෂාංගය Like Button එකට පහලින් ස්ථාපිත කර තිබෙන බවද සමාගම පවසයි.එමන්ම මෙහි අනිසි භාවිතය වැලැක්වීම සදහා සතියකට තෙවතාවක් පමණක් මෙම විශේෂාංගය භාවිතා කිරීමට හැකිවන ලෙස නිර්මාණය කරතිබේ.මෙය භාවිතා කිරීමෙන් ඉහළට පැමිණෙන නිර්මාණකරුවන් ඇගයීම සදහා සමාගම ලකුණු දීම සහ විශේෂ ලාංඡන ප්‍රදානය වැනිදේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.එසේම යූ ටියුබ් සමාගම කරන ලද Beta පරීක්ෂණයකදී තහවුරු වී තිබෙන්නෙ වයස අවු.18-24 අතර වයසේ පසුවන පිරිස් මෙම නව විශේෂාංගය සදහා වැඩි කැමැත්තක් දක්වන බවයි.

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...