Home Tech News තවම Windows 11 24H2 ට Update උනේ නැද්ද
Tech News

තවම Windows 11 24H2 ට Update උනේ නැද්ද

Share
windows-24H2
Share

Microsoft සමාගම විසින් ඔවුන්ගේ Windows 11 හි අලුත්ම සංස්කරණය 2024 ඔක්තෝම්බර් 1 වන දින නිල වශයෙන් නිකුත් කරන ලදි. මෙහි පෙර windows අනුවාදයට වඩා කාර්ය සාධනය වැඩි වී තිබෙන අතර පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා විශේෂාංග සහ වැඩිදියුණු කිරීම් රාශියක් ද අන්තර්ගත කර තිබේ.

නව Windows 11 හි Action Center සහ File Explorer හි UI වෙනස්කම් සහ විශේෂාංග වැඩි දියුණු කිරීම් කීපයක් ද, Recall වැනි පහසුකම් එක්වීම ද, වේගවත් ගොණු පද්ධතියක් වන ReFS ගොනු පද්ධතිය එක්වීම ද, නවතම WIFI 7 පහසුකම ද , වැඩි දියුණු වූ AI විශේෂාංග සමගින් එන Copilot සහ Paint මෘදුකාංග තුලද වැඩිදියුණුවීම් කීපයක්ම අන්තර්ගත වේ.තවද Auto Super Resolution , Image Creator සහ තවත් බොහෝ AI විශේෂාංග කීපයක් ම මෙම නව windows තුලට අන්තර්ගත කර ඇති අතර කණගාටුවට කරුණ වන්නේ මේ සමහරක් AI විශේෂාංග NPU එකක් සහිත පරිගණක වලට පමණක් සක්‍රීය කර තිබීමයි.

Windows 11 24H2 අනුවාදය Microsoft වෙබ් අඩවියට සම්බන්ධ පහත සබැදියෙන් හෝ Windows Updates හරහා හෝ ලබාගත හැක. එහෙත්, Minimum requirements නොමැති PCs සඳහා install කිරීමේදී පෙර windows 11 අනුවාදයේ සිදු කල ප්‍රසිද්ධ Bypass Methods කීපයක් ම අවහිර කර ඇති අතර Minimum requirements bypass කිරීම සදහා තවත් ක්‍රම කීපයක් පවතී . කෙසේ වෙතත් මම නිර්දේශ කරන්නේ ද Minimum requirements නොමැති පරිගණක සඳහා මෙම windows 11 24H2 ස්ථාපනය නොකිරීමටයි .

https://www.microsoft.com/en-us/software-download/windows11/?msockid=202c528c2c2f69e8110c47952d9f68ef

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...