Home Tech News Discord වලත් දැන් end-to-end පහසුකම
Tech News

Discord වලත් දැන් end-to-end පහසුකම

Share
blank
Share

Discord කියන්නෙ gaming community එක අතර ප්‍රසිද්ධ platform එකක්. Discord තුලින් පරිගණක ක්‍රීඩකයන්ට ඔවුන් කැමති gaming community එකකට එක්වෙලා චැට් කිරීමේ පහසුකම තියනවා. ඉතින් මෙහි ජනප්‍රියත්වයත් එක්ක සංවර්ධකයන් චැට් කිරීමේ පහසුකමට අමතරව මෙයට audio සහ video චැට් කිරීමේ පහසුකමත් එක්කලා.

අලුත්ම නිවේදනයක් මගින් Discord සමාගම පවසා තිබුනේ දැන් ඔවුන් audio සහ video චැට් කිරීමේ විශේෂාංගයට end-to-end encryption පහසුකම ලබාදීලා තියනවා. මේ වෙනකොට බොහොමයක් ප්‍රසිද්ධ චැට් ඇප්ස් end-to-end encryption පහසුකම සහිතවයි ක්‍රියාත්මක වෙන්නෙ. iMessage, WhatsApp, Signal, සහ Facebook Messenger මේ අතරට අයත් වෙනවා.

Discord ඇප් එක මාසයකට මිලියන 200ක පමන පිරිසක් එක්වෙන platform එකක්. ඔවුන් මේ ආකාරයට audio සහ video කෝල් සදහා end-to-end encryption පහසුකම ලබාදෙන බව පරිශීලකයන්ට පොරොන්දු උනේ පසුගිය වසරෙදියි. මේ වනවිට එය සියලුම පරිශීලකයන්ට ලබාදීලා තිබෙනවා. කෙසේ නමුත් මෙම end-to-end encryption පහසුකම private messages සදහා යොදා නොමැති බව සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

Discord සමාගම වෙනුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කල Kellyn Slone පවසා තිබුනේ direct messages හෝ group chats සදහා end-to-end encryption පහසුකම ලබාදෙන්න ඔවුන් තවමත් සැලසුම් කර නැති බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...