Contact Information

WhatsApp Us

ළගදීම එන Grand Theft Auto 6

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

GTA අලුත්ම ගේම් එක ගැන කිසිම තොරතුරක් නැතුව දැන් මාස කිහිපයක්ම ගෙවිල ගියා. Rockstar සමාගමෙන් මෙම අලුත් ක්‍රීඩාවේ සංවර්ධන කටයුතු පිලිබදව වැඩිවිස්තර එළිදැක්වුවෙ නැහැ. නමුත් GTA 6 ලීක් වුනු තොරතුරු කිහිපයකට පසු Rockstar සමාගමගේ ප්‍රධානී Sam Houser විසින් GTA 6 පිලිබදව නිළ නිවේදනයක් නිකුත් කරා.

X හි සටහනක් තබමින් Rockstar සමාගම දක්වා තිබුනේ GTA 6 trailer එක දෙසැම්බර් මුල සතියෙ නිකුත් කරන බවයි. මෙය පරිගණක ක්‍රීඩකයන් සියලුදෙනාටම අගනා තොරතුරක් වනු නොඅනුමානයි. GTA 5 නිකුත් වෙලා දැන් වසර 10ක් පමන වෙනව. නමුත් තවමත් එයට රසිකයන්ගෙන් අඩුවක් වී නැහැ.

එම ත්‍රෙඩ් එකේම, Rockstar Games එය නව Grand Theft Auto ක්‍රීඩාවක් වනු ඇති බව සඳහන් කර තිබෙනව. ඉතින් ඔව්, GTA 6 ඉතා ඉක්මනින්ම සියලුදෙනාටම ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත. එපමණක් නොව, ලබන මාසයේදී Rockstar විසින් පූර්ව ප්‍රචාරක පටයක් පමණක් එලිදක්වනු ඇති අතර, අනුමාන වශයෙන් ක්‍රීඩාවේ නිල ලාංඡනය සහ නම එහි ඇතුළත් විය හැක. අපි තවමත් මෙහි ක්‍රීඩා විස්තර සහ මුදා හැරීමේ දිනයක් පිලිබදව තොරතුරු නිශ්චිතවම දන්නෙ නැහැ.

Grand Theft Auto යනු ඕනෑම පරිගණක ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා පුස්තකාලයක අනිවාර්යයෙන්ම තිබෙන ක්‍රීඩාවක්. එය විවෘත ලෝක ක්‍රීඩා වල ප්‍රධාන එකක් බවට සැකයක් නැහැ. GTA V වසර 10කට ආසන්න කාලයක් සම්පූර්ණ වන බැවින්, නව ක්‍රීඩාව ඉතා ඉක්මනින් පැමිණෙන බව පෙනෙනව.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *