Home Tech News Explained ළගදීම එන Grand Theft Auto 6
ExplainedGamesTech News

ළගදීම එන Grand Theft Auto 6

Share
blank
Share

GTA අලුත්ම ගේම් එක ගැන කිසිම තොරතුරක් නැතුව දැන් මාස කිහිපයක්ම ගෙවිල ගියා. Rockstar සමාගමෙන් මෙම අලුත් ක්‍රීඩාවේ සංවර්ධන කටයුතු පිලිබදව වැඩිවිස්තර එළිදැක්වුවෙ නැහැ. නමුත් GTA 6 ලීක් වුනු තොරතුරු කිහිපයකට පසු Rockstar සමාගමගේ ප්‍රධානී Sam Houser විසින් GTA 6 පිලිබදව නිළ නිවේදනයක් නිකුත් කරා.

X හි සටහනක් තබමින් Rockstar සමාගම දක්වා තිබුනේ GTA 6 trailer එක දෙසැම්බර් මුල සතියෙ නිකුත් කරන බවයි. මෙය පරිගණක ක්‍රීඩකයන් සියලුදෙනාටම අගනා තොරතුරක් වනු නොඅනුමානයි. GTA 5 නිකුත් වෙලා දැන් වසර 10ක් පමන වෙනව. නමුත් තවමත් එයට රසිකයන්ගෙන් අඩුවක් වී නැහැ.

එම ත්‍රෙඩ් එකේම, Rockstar Games එය නව Grand Theft Auto ක්‍රීඩාවක් වනු ඇති බව සඳහන් කර තිබෙනව. ඉතින් ඔව්, GTA 6 ඉතා ඉක්මනින්ම සියලුදෙනාටම ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත. එපමණක් නොව, ලබන මාසයේදී Rockstar විසින් පූර්ව ප්‍රචාරක පටයක් පමණක් එලිදක්වනු ඇති අතර, අනුමාන වශයෙන් ක්‍රීඩාවේ නිල ලාංඡනය සහ නම එහි ඇතුළත් විය හැක. අපි තවමත් මෙහි ක්‍රීඩා විස්තර සහ මුදා හැරීමේ දිනයක් පිලිබදව තොරතුරු නිශ්චිතවම දන්නෙ නැහැ.

Grand Theft Auto යනු ඕනෑම පරිගණක ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා පුස්තකාලයක අනිවාර්යයෙන්ම තිබෙන ක්‍රීඩාවක්. එය විවෘත ලෝක ක්‍රීඩා වල ප්‍රධාන එකක් බවට සැකයක් නැහැ. GTA V වසර 10කට ආසන්න කාලයක් සම්පූර්ණ වන බැවින්, නව ක්‍රීඩාව ඉතා ඉක්මනින් පැමිණෙන බව පෙනෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...