Press ESC to close

2020ට සූදානම් වන Nvidia Ampere Graphic cards

nvidia සමාගම තමන්ගෙ 2020 වසරේ නිෂ්පාදන සදහා සූදානම් වෙනව කියල ආරංචි වෙනව. 7nm තාක්ෂණය යටතේ Ampere Architecture එක සමග 2020 මාර්තුවලදි එලිදක්න්න නියමිත මේ නව Graphic Card එක RTX 3080 වෙන්න පුළුවන්.

Get Your Site Up with A2 Hosting

ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන හැටියට nvidia සමාගමේ CEO & Co Founder වෙන Jensen Huangට නම් මේ නව Ampere Graphic cards දැන්ම වෙළදපලට නිකුත් කරන අදහසක් නැහැ. මේකට ප්‍රදාන හේතුව මේ වනකොටත් Turin Architecture එක යටතේ නිකුත් කරල තියෙන RTX 2080 සහ RTX 2080Ti සදහා Radeon graphic Card යටතේ තරගකරුවෙක් නොමැති වීමයි.

කොහොම වෙතත් AMD සමාගම තමන්ගෙ Navi Lineup එකෙන් 2020දි nvidia RTX සදහා තර්ජනයක් එල්ල කරන බව ආරංචි වීමත් එක්කම Nvidia සමාගම තමන්ගෙ Ampere Graphic Cards 2020 පළමු කාර්තුවෙදීම නිකුත් කරන්න සූදානම් වෙලා.

දැනගන්න ලැබෙන විදිහට පළමුවෙන් RTX 3080 Card එකත් පසුව RTX 3080Ti සහ RTX 3070 Card එකත් වෙළදපොලට නිකුත් කරනු ඇති. ඉන් පස්සෙ RTX වල ජනප්‍රියත්වය අනුව 3060 සහ 3050 විදිහට Cards නිකුත් වීමක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *