Home Tech News ලොව විශාලතම iPhone දුරකතනය
Tech News

ලොව විශාලතම iPhone දුරකතනය

Share
blank
Share

ඔබත් අලුත් තාක්ශනික දැනුම ගැන දැනගන්න කැමති අයෙක් නම් සමහරවිට MrWhoseTheBoss YouTube චැනලය ගැන අසා ඇති. එය අයිති වෙන්නෙ Arun Maini නම් මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වෙන ඉන්දියානු ජාතියකයෙකුට. දැනට මිලියන 20කට ආසන්න subscribers සංඛ්‍යාවක් මේ චැනල් එකට සිටිනවා.

ඉතින් මේ Arun Maini සහ DYI Perks චැනලයෙ අයිතිකරු වෙන matthew Perkins එකතු වෙලා ලෝකේ විශාලම iPhone replica දුරකතනය නිර්මානය කරල තියනවා. මේ දුරකතනයෙ සියලුම විශේෂාංග නිවැරදිව ක්‍රියාකරනවා. ඒවගේම මේ දුරකතනයෙ සියලුම තොරතුරු විශ්ලේෂණය කර මෙය ලොව විශාලතම iPhone දුරකතනයට හිමි ගිනස් ලෝක වාර්තාව ලබාගෙන තිබෙනවා.

මෙම දුරකතනයෙ සම්පූර්න උස අඩි 6.74 වෙනවා. ඒවගේම එහි බර රාත්තල් 440 වෙනවා. මෙහි ස්ක්‍රීන් එකට යොදාගෙන තියෙන්නෙ LG 88 inch TV එකක ස්ක්‍රීන් එකක් ටච් ස්ක්‍රීන් එකක් ලෙස ප්‍රතිනිර්මානය කිරිමෙන් පසුවයි. මෙහි කැමරා ලෙස යොදාගෙන තිබෙන්නෙ Canon EOS R5 සහ Sony RX10 Mark 4 යන DSLR කැමරායි.

මෙහි OS එක ලෙස යොදාගෙන තිබෙන්නෙ customize කරන ලද Android system එකක්. එය themes සහ skins යොදාගෙන iOS ලෙස දිස්වෙන ආකාරයට නිර්මානය කර තිබෙනවා. මෙහි තිබෙන hardware, workstation පරිගණකයක තරම් විශිෂ්ට ඒවා. ක්‍රීඩාවන් වල නිරත වීම, චිත්‍රපටි නැරබීම, ඡායාරූප ගැනීම සහ ඉන්ටනෙට් browsing වැනි එදිනෙදා වැඩ සියල්ලක්ම මේ දුරකතනයෙ හොදින්ම වැඩ කරනවා. නිර්මානකරුවන් පවසන ආකාරයට මෙම දුරකතනය නිපදවන්න ඔවුන්ට $70000ක මුදලක් වැයවෙල තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...